හැටන් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක පූර්ණ රුධිර පරීක්ෂාවක් කිරීමට අනුමත මුදලට වඩා වැඩි මුදලක් ලබාගත්තැයි කියන සිද්ධියකට වරද පිළිගත් එම රෝහලේ පාලන අධිකාරියේ නිලධාරියකුට රුපියල් ලක්ෂ 5ක දඩයක් හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්රාත් එම්. ෆරුක්ඩීන් මහතා ඊයේ (04) නියම කළේය.
පූර්ණ රුධිර පරීක්ෂාවක් කිරීම සඳහා රු 400ක මුදලක් නියම කර තිබියදී, එම රෝහලේ පාලන අධිකාරිය රෝගීන්ගෙන් රු 600ක මුදලක් අය කරන බවට රෝගීන්ගෙන් ලද පැමිණිලි කිහිපයක් මත නුවරඑළිය දිස්ත්රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ දිස්ත්රික් ප්රධානි අමිල රත්නායක මහතා එම පෞද්ගලික රෝහලට එරෙහිව නඩු පවරා තිබිණී.
ඒ අනුව එම සිද්ධියට අදාළව වරද පිළිගත් අදාළ පෞද්ගලික රෝහලේ පාලන අධිකාරියට එම දඩ මුදල නියම කෙරිණි.
මෙවැනි අසාධාරණ මුදල් අය කිරීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව දිස්ත්රික්කය පුරා අඛණ්ඩව විමර්ශන සිදු කර නෛතික පියවර ගැනීමට කටයුතු කරන බව ද අමිල රත්නායක මහතා පැවසීය.