පසුගියදා නොවැම්බර් මස 14දා පැවැති මහමැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ දිවයින පුරා දිස්ත්‍රික්ක 22 නියෝජනය කරමින් ඉදිරිපත් වූ 8321ක් වූ අපේක්ෂකයින්ගෙන් ආදායම් වියදම් වාර්තා පෙරේදා (03) වනවිට භාර දී ඇත්තේ අපේක්ෂකයින් 1985ක් බව මැතිවරණ කොමිසම පවසයි. ස්වාධීන කණ්ඩායම් සහ පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයින් 690න් අපේක්ෂකයින් 106ක් ද ජාතික ලැයිස්තු අපේක්ෂකයන් 527න් 57ක් පමණක් ආදායම් වියදම් වාර්තා ලබා දී ඇති බවත් කොමිසම පවසයි. ආදායම් වියදම් වාර්තා භාරදීමට දී ඇති අවසන් දිනය වන හෙට (06) මධ්‍යම රාත්‍රී 12ට පෙර ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දෙන කොමිසම එසේ නොකරන අයවලුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ද කියා සිටියේය.