Home » ගාලු කොටු බැම්මෙන් වැටී බර­ප­තළ තුවාල ලැබූ විදෙස් කත රෝහ­ලට

ගාලු කොටු බැම්මෙන් වැටී බර­ප­තළ තුවාල ලැබූ විදෙස් කත රෝහ­ලට

by Gayan Abeykoon
December 5, 2024 1:00 am 0 comment

දකුණු පළාත් සංචා­රක-එස්. දිය­ග­හගේ

ගාල්ල කොටු බැම්මෙන් පහ­ළට වැටී බර­ප­තළ තුවාල ලැබු විදේ­ශීය කාන්තා­වක් රෝහ­ල්ගත කළ  බව ගාල්ල පොලි­සිය පව­සයි. මෙසේ තුවාල ලබා ඇත්තේ 56 හැවි­රිදි ලිතු­වේ­නියා ජාතික කාන්තා­වකි.

මේ කාන්තාව ඇතුළු පිරි­සක් තිස්ස­ම­හා­රා­මයේ සිට සංචා­රයේ යමින් සිටි­යදී පෙරේදා (03) සවස ගාලු කොටුවේ සංචා­ර­යට පැමිණ ඇත. එසේ පැමිණ කොටුවේ ඇවි­දි­මින් සිටි­යදී කොටුවේ ප්‍රදී­පා­ගා­රය අසල අනා­ර­ක්ෂිත ස්ථාන­ය­කින් පහ­ළට වැටී තිබේ.

එහිදී  ඇයගේ වම් පාදය සහ කකුළ බිඳී බර­ප­තළ තුවාල ලැබීම නිසා රෝහ­ල්ගත කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT