31
ගාල්ල කොටු බැම්මෙන් පහළට වැටී බරපතළ තුවාල ලැබු විදේශීය කාන්තාවක් රෝහල්ගත කළ බව ගාල්ල පොලිසිය පවසයි. මෙසේ තුවාල ලබා ඇත්තේ 56 හැවිරිදි ලිතුවේනියා ජාතික කාන්තාවකි.
මේ කාන්තාව ඇතුළු පිරිසක් තිස්සමහාරාමයේ සිට සංචාරයේ යමින් සිටියදී පෙරේදා (03) සවස ගාලු කොටුවේ සංචාරයට පැමිණ ඇත. එසේ පැමිණ කොටුවේ ඇවිදිමින් සිටියදී කොටුවේ ප්රදීපාගාරය අසල අනාරක්ෂිත ස්ථානයකින් පහළට වැටී තිබේ.
එහිදී ඇයගේ වම් පාදය සහ කකුළ බිඳී බරපතළ තුවාල ලැබීම නිසා රෝහල්ගත කර ඇත.