Home » “ආයු­ර්වේද මූල­ධර්ම සහිත විෂ වෛද්‍ය විද්‍යා ශිඛා­මණී” 8 වැනිදා එළි­දකී

“ආයු­ර්වේද මූල­ධර්ම සහිත විෂ වෛද්‍ය විද්‍යා ශිඛා­මණී” 8 වැනිදා එළි­දකී

by Gayan Abeykoon
December 5, 2024 1:00 am 0 comment

කැල­ණිය විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යා­ලයේ 45වැනි සංව­ත්ස­රය සහ එහි නිර්මාතෘ දිවං­ගත ආයු­ර්වේද වෛද්‍ය අම­ර­වංශ පති­රාජ මහ­තාගේ 29 වැනි ගුණා­නු­ස්ම­ර­ණය නිමි­ත්තෙන් වර්ත­මා­නයේ කැල­ණිය විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යා­ලයේ වෛද්‍ය අධි­කාරී සහ විදු­හ­ල්ප­තිනි ලෙස කට­යුතු කරන ආයු­ර්වේද වෛද්‍ය විනීතා කළ්‍යාණි පති­රාජ මහ­ත්මිය රචනා කරන ලද “ආයු­ර්වේද මූල­ධර්ම සහිත විෂ වෛද්‍ය විද්‍යා ශිඛා­මණී” ග්‍රන්ථය දොරට වැඩුම මේ මස 8 වැනිදා පස්වරු 1.00ට කොළඹ තැපැල් මූල­ස්ථාන ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැත්වේ.

මේ ග්‍රන්ථයේ කතු­ව­රිය වන වෛද්‍ය විනීතා පති­රාජ මහ­ත්මිය විෂ වෙද කලාව මෙන්ම ආයු­ර්වේද වෛද්‍ය­ව­රි­යක ලෙස වසර පන­හ­කට වැඩි කාල­යක සිට කට­යුතු කරන අත්දැ­කීම් සම්භා­ර­යක් ලද ආයු­ර්වේද වෛද්‍ය­ව­රි­යකි. මේ කෘතිය ඔස්සේ සර්ප විෂ විද්‍යාව හා පාර­ම්ප­රික වෛද්‍ය­ව­රුන්ට ආයු­ර්වේද වෙද­කම් සම්බ­න්ධව අගනා විග්‍ර­හ­යක් ද ඉදි­රි­පත් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT