Home » අනුරපුරේ ගම් වනසන වන අලි නිසා ගම්වැසියෝ හැඬූ කදුළින්

අනුරපුරේ ගම් වනසන වන අලි නිසා ගම්වැසියෝ හැඬූ කදුළින්

by yasara
December 5, 2024 11:42 am 0 comment

අනුරාධපුර, නාච්චදූව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ශ්‍රාවස්තිපුර ,මොරගොඩ, පහේ ඇල, ගල්වඩුවාගම, කොඩිගල සහ වදාකඩ යන ප්‍රදේශවලට මේ දිනවල වන අලින් රංචු පිටින් ගම් වැදීම හේතුව එම ගම්මානවල ජීවත් වන තමන්  දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව  එම ගම්වැසියෝ පවසයි

එලෙස පැමිණෙන වන අලින් ඊයේ (4) අළුයම ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ  බෝග වගා බිම් විශාල ප්‍රමාණයකට  හානි සිදු කර තිබුණි.

මෙම වන අලි රංචු ගෙවතුවල වගා කර තිබෙන කෙසෙල්, පොල් සහ ඇතුළු දේපළ  හානි සිදු කර තිබෙන බවත් හේතුවක්  තම දෛනික  කටයුතු පවා සිදු කර ගැනීමට නොහැකිව දැඩි පීඩාවට පත්ව සිටින බවද ඔවුහු සඳහන් කළහ.

රාත්‍රි කාලයේදී එම ගම්මාන වල කිසිවෙකුට අත්‍යවශ්‍ය කටයුත්තකට පවා  නිවෙස් වලින් බැහැරව යාමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව  තිබෙන බවත් මේ සම්බන්ධයෙන්  අදාල වගකිය යුතු අංශවලට දැනුම් දීම් සිදු කලත්, මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දීමට කටයුතු කර නොමැති බවද එම ජනතාව පෙන්වා දුන්හ.

මෙම ගම්මාන වලට ආසන්නව තිබෙන තේක්ක රක්ෂිතයේ සිට වන අලි ,වැට කඩා දමමින් ගම්මාන වලට කඩා වදින  බවත් එම රක්ෂිතය ආවරණය කරමින් වන අලින් සඳහා විදුලි වැටක් කඩිනමින්  ඉදි කර දීමට කටයුතු කර දෙන ලෙසත්, අදාළ බලධාරීන්ගෙන්  ගම්වාසීන් වැඩි දුරටත් ඉල්ලා සිටියි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT