Home » ඔස්ට්‍රේලියාවේ සම්මාන උළෙලකදී ලංකික ගණකාධිකාරිවරියකට ඉහළම සම්මානයක්

ඔස්ට්‍රේලියාවේ සම්මාන උළෙලකදී ලංකික ගණකාධිකාරිවරියකට ඉහළම සම්මානයක්

by chanaka
December 5, 2024 11:58 am 0 comment

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය ගණකාධිකරණ ආයතනය (IPA) විසින් වාර්ෂිකව පවත්වනු ලබන විශිෂ්ඨ ගණකාධීකාරවරුන් ඇගයීමේ සම්මාන උළෙලක දි පිරිනමන IPA Member of The Year සම්මානය මෙවර ශ්‍රී ලාංකික ගණකාධීකාරීවරියකට හිමිව තිබේ.

ශ්‍රී ලාංකික ගණකාධිකාරීවරියක් වන අමා අබේවික්‍රම මෙලෙස සම්මානයට පාත්‍ර වී ඇත.

ඔස්ට්‍රේලියා රාජ්‍ය ගණකාධීකරණ ආයතනය (IPA) විසින් සිය සාමාජික ප්‍රජාවගේ විශේෂ ජයග්‍රහණ අගය කිරීම උදෙසා වාර්ෂික ජාතික සම්මේලනය අතරතුර දී මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.

2013 වසරේදී ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් වෙත පැමිණ ඇති අතර ඇය තමන්ගේම නමින් සමාගමක් ආරම්භ කර තිබේ.

මුල්කාලීනව ඔස්ට්‍රේලියාව තුළ සමාගමක් පවත්වාගෙන යාමේදී තම ස්වදේශීය භාෂා පසුබිම හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුවූ බව ඇය පවසා ඇත.

මේ වනවිට ඇය දකුණු ඔස්ට්‍රේලියා ව්ශ්ව විද්‍යාලයේ මූල්‍ය සැලසුම් පිළිබදව ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටීම ද විශේෂත්වයකි.

මූලාශ්‍ර – AUSLANKA

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT