28
කැලණිය, ඊරියවැටිය ප්රදේශයේ සෝලා යන්ත්ර සවි කිරීමේ උප කොන්ත්රාත්කරුවකුගේ නිෙවසේ තිබී රුපියල් හාර ලක්ෂ අසූහය දහසක් පමණ වටිනා සෝලා වයර් සොරකම් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කළාය. මෙසේ ශරීර ඇප මත මුදාහරිනු ලැබුවේ කැලණිය, ඊරියවැටිය ප්රදේශයේ පදිංචි එච්. දිලීප නමැත්තාය. එහි වැඩිදුර විභාගය ලබන ජූනි මස 26 වැනි දිනට කල් තැබිණි.