Tuesday, May 6, 2025
Home » හෙරො­යින්-අයිස් ළඟ තබාගත් සැක­කාර ජෝඩුව රිමාන්ඩ්

හෙරො­යින්-අයිස් ළඟ තබාගත් සැක­කාර ජෝඩුව රිමාන්ඩ්

by Gayan Abeykoon
December 5, 2024 1:00 am 0 comment

වාරණ - ආනන්ද ඉ.ජය­කොඩි

රුපි­යල් කෝටි හත­ර­කට වැඩි වෙළෙ­ඳ­පොළ වටි­නා­ක­ම­කින් යුතු හෙරො­යින් හා අයිස් මත් ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි බව කියන සැක­කාර ජෝඩු­වක් මේ මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබී­මට අත්ත­න­ගල්ල අංක 02 මහේ­ස්ත්‍රාත් මංජුල කරු­ණා­රත්න මහතා පෙරේදා (03) පස්ව­රුවේ නියෝග කළේය.

බී.පී. චිරාන් දුෂාන්ත හා අශෝකා ලක්මාලි යන සැක­කරු හා සැක­කා­රිය එසේ රිමාන්ඩ් කෙරිණි. ලද තොර­තු­ර­කට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ පොලිස් නිල­ධා­රීන් පිරි­සක් නිට්ට­ඹුව, කත්තොට ප්‍රදේ­ශයේ නි‍ෙව­සක් සෝදිසි කර හෙරො­යින් කිලෝ එකයි ග්‍රෑම් 50ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 432ක් සමඟ සැක­කාර ජෝඩුව අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණ.  මොවුන් දෙදෙනා අධි­ක­රණ නියෝ­ග­ය­කට අනුව දින පහක කාල­යක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය තුළ රඳ­වා­ගෙන වැඩි­දුර පරී­ක්ෂණ පවත්වා ඒ පිළි­බඳ වාර්තාව සමඟ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අව­ස්ථාවේ එසේ රිමාන්ඩ් කෙරිණි. මෙහිදී පොලී­සිය කරන ලද ඉල්ලී­මක් සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඔවුන් සතුව තිබූ ජංගම දුර­ක­තන පිළි­බ­ඳව දුර­ක­තන විශ්ලේ­ෂණ වාර්තා­වක් කැඳ­වී­මට ද නියෝග කළේය.

මොවුන් දෙදෙනා අවි­වා­හක ජෝඩු­වක් බවත් විවෘත අධි­ක­ර­ණ­යේදී අනා­ව­ර­ණය කෙරිණි.  මෙම නඩුව නැවත කැඳ­වීම මේ මස 16 වැනිදා කල් තැබිණ.  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ පොලිස් නිල­ධා­රීහු දෙදෙ­නෙක් පැමි­ණිල්ල මෙහෙය වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT