ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්තානය සහ ඉන්දියාව සමත් වෙයි.
ඊයේ පැවති මූලික වටයේ අවසන් තරගවලදී පාකිස්තාන පිල ලකුණු 180කින් ජපානය පරාජය කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසි අතර, එක්සත් අරාබි එමීර් පිල කඩුලු 10කින් පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයෙන් ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය.
ඒ අනුව පාකිස්තානය පළමු අවසන් පූර්ව තරගයට පිවිසි අතර, ඉන්දියාව දෙවැනි තරගයට එක් විය. ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථාන ගනිමින් ශ්‍රී ලංකාව ද දෙවැනි අවසන් පූර්ව තරගයට එක්වූ අතර, ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර එම තරගය හෙට (6) සාජාහිදී පැවැත්වේ.
පාකිස්තානය සහ බංග්ලාදේශය අතර අනෙක් තරගය හෙට (6) පැවැත්වෙන්නේ ඩුබායිහිදීය.