Home » කුලී ගෙවන රජයේ ආයතන රජයේ ගොඩනැගිලිවලට

කුලී ගෙවන රජයේ ආයතන රජයේ ගොඩනැගිලිවලට

by chanaka
December 6, 2024 3:11 pm 0 comment

අධික කුලියක් ගෙවමින් විවිධ ගොඩනැගිලිවල පවත්වාගෙන යන රජයේ ආයතන රජය සතු ගොඩනැගිලි තුළට ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවත්වාගෙන යන කාර්යාලයේ මාසික කුලිය ලක්ෂ පනහක් බවද ඔහු ප්‍රකාශ කළේය. මෙයට අමතරව වෙළෙඳ අමාත්‍යාංශයේ මාසික කුලිය ලක්ෂ 65 ක් බව ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේදී ය.

නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ 24 දෙනාම මිල නිවාස වලට නොගිය බවත් විදුලි බිලේ සිට වතුර බිලේ සිට මුදල් ඉතිරි කරන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT