Home » ඩොනල්ඩ් ලූ, ශ්‍රී ලංකා විදේශ ඇමති හමුවෙයි

ඩොනල්ඩ් ලූ, ශ්‍රී ලංකා විදේශ ඇමති හමුවෙයි

by chanaka
December 6, 2024 4:25 pm 0 comment

එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (06) පැවැත්වුණු බව ඇමෙරිකානු තානාපති කාර්යලය ප්‍රකාශ කළේය.

එම හමුවට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ සහ ඇමෙරිකානු භාණ්ඩාගාරයේ නියෝජිතයන්ද සහභාගී වී තිබුණි.

එහිදී ශ්‍රී ලංකා නව රජයට සුබ පැතූ බවත් දෙපාර්ශ්වයම උනන්දුවක් දක්වන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා කළ බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

මෙරට ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි ආර්ථික සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාවට එක්ව වැඩකළ හැකි ක්‍රමයන් පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT