ශ්‍රී ලාංකේය කාන්තා ව්‍යවසායකයන් සඳහා එක්සත් රාජධානියේ අපනයන වෙෙළඳපොළට දොරටු විවර කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් පසුගියදා කොළඹදී පැවැත්විණි. මෙම මුලපිරීම එක්සත් රාජධානියේ – ශ්‍රී ලංකා වෙළඳ හවුල්කාරීත්වය හරහා ක්‍රියාත්මක වන එක්සත් රාජධානියේ රජයේ අරමුදල් සහිත SheTrades Commonwealth+ වැඩසටහනේ කොටසකි. මේ යටතේ ශ්‍රී ලාංකේය කාන්තා ව්‍යවසායකයන් 50 දෙනෙකුට වැඩි පිරිසක් එක්සත් රාජධානියේ සමාගම් සමඟ සම්බන්ධ වී අපනයන වෙෙළඳපොළට ප්‍රවේශ කිරීමට උපකාර කරයි.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ජාත්‍යන්තර වෙෙළඳ මධ්‍යස්ථානය (ITC) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලදි. ශ්‍රී ලාංකේය කාන්තා ව්‍යවසායකයන්ට එක්සත් රාජධානියේ වෙෙළඳෙපාළ වෙත ඍජු ප්‍රවේශයක් ලබා දීම, ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය සහ ජාත්‍යන්තර වෙෙළඳෙපාළ සඳහා ඇති අවස්ථා වැඩිදියුණු කිරීම ද මෙහි අරමුණයි.
රෙදිපිළි සහ ඇඟලුම් සහ අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන වැනි අංශ කෙරෙහි අවධානය යොමු කර ඇති මෙම වැඩසටහන ශ්‍රී ලාංකේය කාන්තා ව්‍යවසායකයන් සහ එක්සත් රාජධානියේ සමාගම් සම්බන්ධ කරමින් ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සපයයි. මෙම රැස්වීම්වලට අමතරව එක්සත් රාජධානියේ සමාගම් නියෝජිතයන් ශ්‍රී ලංකාවේ කොළඹ, කුරුණෑගල, දකුණු පළාත සහ යාපනය ප්‍රදේශවල කාන්තා ව්‍යවසායකයන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර නිරීක්ෂණය කිරීම සඳහා සංචාරය කිරීමට නියමිතයි.
උත්සවය අමතමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා අවධාරණය කළේ කාන්තා ව්‍යවසායකයන් කෘෂි ආහාර සහ ඇඟලුම් ක්ෂේත්‍රවල සවිබලගැන්වීම සඳහා මෙම වැඩසටහන මඟින් අත්‍යවශ්‍ය සම්පත් සහ පුහුණුව ලබා දෙන බවත්, ඒ මඟින් ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනයට උපකාරී වන බවත්ය.
මෙහි ආරම්භක වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා , කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි (CEO) මංගල විජේසිංහ මහතා, එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) වැඩසටහන් ප්‍රධානී සයිමන් කැල්වර්ට් මහතා, ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා, ITC හි SheTrades Commonwealth වැඩසටහනේ වැඩසටහන් කළමනාකරු Michelle Christie සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු ජාත්‍යන්තර වෙෙළඳ මධ්‍යස්ථානයේ නියෝජිතයන් සහභාගි වූහ.