රාහු කාලය
උදේ 10.33 – 12.02 දක්වා
රාත්‍රී 10.30 – 12.02 දක්වා
දිව්‍යමය සුබ මුහුර්ත
ගමන් යාමට
උදේ 5.29ට උතුර බලා
උදේ 7.27ට උතුර බලා
ලොතරැයි මිලදී ගැනීමට
උදේ 7.41 උතුර බලා
උදේ 08.37ට උතුර බලා
පැළ සිටුවීමට
උදේ 6.29ට උතුර බලා
සවස 4.01ට උතුර බලා
මේෂ
අතමිට සරු වේ රැකියා සපල වේ
රැකියා ප්රතිලාභ ගෙනෙයි. තම ජීවිතයේ බොහෝ අපේක්ෂා ඉටුවේ. වාහන, නිවාස පිළිබඳ තිබූ බලාපොරොත්තු සපල වේ. තම සමීපතමයින් සමඟ විවිධ විනෝද චාරිකා සංවිධානය වනු ඇත. අතමිට සරු වේ.
වෘෂභ
පෙර පින් මහිම මතුවේ
පෙර පින් මහිම මතුවේ. ව්‍යාපාර ඥානය පහළ වේ. බොහෝ විට පිරිස් බලය බහුල වේ. එදිනෙදා ගෘහ ජීවිතයේ කටයුතු සාර්ථක කර ගැනීමට සමත් වේ.
මිථුන
ලැබීම් මතුවේ
වියදම අධික වේ. නමුත් ලැබීම් මතුවේ. ආර්ථික වශයෙන් ඉහළට යන ලකුණු පෙන්වන අතර, කිසියම් ව්‍යාපාරයක ප්රතිලාභ ගෙනෙන සුලු වෙයි.
කටක
විවාහයට මඟ සැලසේ
විවාහ ආදී කටයුතු ඉක්මන් වේ. අධ්‍යාපන කටයුතු හදාරන අයකු නම් විභාග ආදී කටයුතු කෙරෙන් උසස් ප්‍රතිඵල උදාවේ. තම ඥාති හිතෛෂි අය වෙතින් ඇප උපකාර ලැබේ.
සිංහ
අධ්‍යාපනයේ උසස් ප්‍රතිඵල
ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට වාසනාව උදාවේ. අධ්‍යාපනික කටයුතුවල නිරත අයට උසස් ප්‍රතිඵලදායක තත්ත්ව උදාවේ.
කන්‍යා
පවුලට නව සාමාජිකයෙක්
තමා කලක් තිස්සේ දුෂ්කරතා මැද කරගෙන ආ ව්‍යාපාරයක යහපත් ප්‍රතිඵල භුක්ති විඳීමට හැකිවේ. නිවසේ එදිනෙදා කටයුතුවල කාර්ය බහුලතාවක් දක්නට ලැබෙන අතර පවුලට නව සාමාජිකයකු ද එක්වන ලකුණු පෙනේ.
තුලා
තම ජීවිතයේ මතක සටහනක්
තම ජීවිතයේ සොඳුරුබර සැමරුමකට මුහුණ දෙයි. නිතර දෙවේලේ තම සමීපතමයින් වෙතින් ඇප උපකාර ලැබේ. සමාජයේ කැපී පෙනෙන යමක් සිදුකිරීමට සමත් වේ.
වෘශ්චික
නව ආයෝජනයකට මුලපුරයි
දේපළ ඉඩකඩම් හිමිවේ. වැවිලිකරුවන්ට මෙන්ම ඉඩම්, නිවාස බ්‍රෝකර්වරුන්ට යහපත් දිනකි. ඇණවුම්, ඉල්ලීම් ගලා එයි. නව ආයෝජනයකට මුලපුරයි.
ධනු
හදිසි ධන ලාභ
හදිසි ධන ලාභ මතු කරයි. තම එදිනෙදා ගෘහ කටයුතු වෙනසකට භාජනය වේ. අතමිට සරුවේ. ඒ නිසා තම එදිනෙදා කටයුතු සඳහා වෙනත් අයගේ සහාය උදාකර ගැනීමට සිතයි
මකර
කලාත්මක අරමුණුවලට තැන
සිත සතුටු වන කරුණු යෙදේ. කලාත්මක අරමුණු කෙරේ සිත යොමුවේ. නිර්මාණශීලී වේ. බොහෝ අනුකම්පාසහගත සිතිවිලි මතු කරයි.
කුම්භ
විදේශ ගමනක් මඟහැරෙන ලකුණු
කලක් සූදානම්කොට තිබූ විදේශ ගමනක් නොසිතූ විලස මඟහැරෙනු ඇත. තමාට විවිධ පාර්ශ්වයන්ගෙන් දොස් පරොස් අසන්නට ලැබේ.
මීන
නව ආර්ථික ප්‍රතිලාභයක්
නව ආර්ථික ප්රතිලාභ හිමිවේ. උසස් අයගේ ඇප උපකාර හිමිවේ. විශේෂ පුද්ගලයකුගේ පැමිණීමක්, හමුවීමක් නිසා ඉදිරි බලාපොරොත්තු බොහොමයක් මල්පල ගැන්වෙනු ඇත.