Home » ලග්න පලාපල

ලග්න පලාපල

by mahesh
December 6, 2024 1:00 am 0 comment

රාහු කාලය
උදේ 10.33 – 12.02 දක්වා
රාත්‍රී 10.30 – 12.02 දක්වා
දිව්‍ය­මය සුබ මුහුර්ත
ගමන් යාමට
උදේ 5.29ට උතුර බලා
උදේ 7.27ට උතුර බලා
ලොත­රැයි මිලදී ගැනී­මට
උදේ 7.41 උතුර බලා
උදේ 08.37ට උතුර බලා
පැළ සිටු­වී­මට
උදේ 6.29ට උතුර බලා
සවස 4.01ට උතුර බලා

මේෂ
අත­මිට සරු වේ රැකියා සපල වේ

රැකියා ප්‍රති­ලාභ ගෙනෙයි. තම ජීවි­තයේ බොහෝ අපේක්ෂා ඉටුවේ. වාහන, නිවාස පිළි­බඳ තිබූ බලා­පො­රොත්තු සපල වේ. තම සමී­ප­ත­ම­යින් සමඟ විවිධ විනෝද චාරිකා සංවි­ධා­නය වනු ඇත. අත­මිට සරු වේ.

වෘෂභ
පෙර පින් මහිම මතුවේ

පෙර පින් මහිම මතුවේ. ව්‍යාපාර ඥානය පහළ වේ. බොහෝ විට පිරිස් බලය බහුල වේ. එදි­නෙදා ගෘහ ජීවි­තයේ කට­යුතු සාර්ථක කර ගැනී­මට සමත් වේ.

මිථුන
ලැබීම් මතුවේ

විය­දම අධික වේ. නමුත් ලැබීම් මතුවේ. ආර්ථික වශ­යෙන් ඉහ­ළට යන ලකුණු පෙන්වන අතර, කිසි­යම් ව්‍යාපා­ර­යක ප්‍රති­ලාභ ගෙනෙන සුලු වෙයි.

කටක
විවා­හ­යට මඟ සැලසේ

විවාහ ආදී කට­යුතු ඉක්මන් වේ. අධ්‍යා­පන කට­යුතු හදා­රන අයකු නම් විභාග ආදී කට­යුතු කෙරෙන් උසස් ප්‍රති­ඵල උදාවේ. තම ඥාති හිතෛෂි අය වෙතින් ඇප උප­කාර ලැබේ.

සිංහ
අධ්‍යා­ප­නයේ උසස් ප්‍රති­ඵල

ආත්ම විශ්වා­ස­යෙන් යුතුව කට­යුතු කිරී­මට වාස­නාව උදාවේ. අධ්‍යා­ප­නික කට­යු­තු­වල නිරත අයට උසස් ප්‍රති­ඵ­ල­දා­යක තත්ත්ව උදාවේ.

කන්‍යා
පවු­ලට නව සාමා­ජි­ක­යෙක්

තමා කලක් තිස්සේ දුෂ්ක­රතා මැද කර­ගෙන ආ ව්‍යාපා­ර­යක යහ­පත් ප්‍රති­ඵල භුක්ති විඳී­මට හැකිවේ. නිවසේ එදි­නෙදා කට­යු­තු­වල කාර්ය බහු­ල­තා­වක් දක්නට ලැබෙන අතර පවු­ලට නව සාමා­ජි­ක­යකු ද එක්වන ලකුණු පෙනේ.

තුලා
­තම ජීවි­තයේ මතක සට­හ­නක්

තම ජීවි­තයේ සොඳු­රු­බර සැම­රු­ම­කට මුහුණ දෙයි. නිතර දෙවේලේ තම සමී­ප­ත­ම­යින් වෙතින් ඇප උප­කාර ලැබේ. සමා­ජයේ කැපී පෙනෙන යමක් සිදු­කි­රී­මට සමත් වේ.

වෘශ්චික
නව ආයෝ­ජ­න­ය­කට මුල­පු­රයි

දේපළ ඉඩ­ක­ඩම් හිමිවේ. වැවි­ලි­ක­රු­වන්ට මෙන්ම ඉඩම්, නිවාස බ්‍රෝක­ර්ව­රුන්ට යහ­පත් දිනකි. ඇණ­වුම්, ඉල්ලීම් ගලා එයි. නව ආයෝ­ජ­න­ය­කට මුල­පු­රයි.

ධනු
හදිසි ධන ලාභ

හදිසි ධන ලාභ මතු කරයි. තම එදි­නෙදා ගෘහ කට­යුතු වෙන­ස­කට භාජ­නය වේ. අත­මිට සරුවේ. ඒ නිසා තම එදි­නෙදා කට­යුතු සඳහා වෙනත් අයගේ සහාය උදා­කර ගැනී­මට සිතයි

මකර
කලා­ත්මක අර­මු­ණු­ව­ලට තැන

සිත සතුටු වන කරුණු යෙදේ. කලා­ත්මක අර­මුණු කෙරේ සිත යොමුවේ. නිර්මා­ණ­ශීලී වේ. බොහෝ අනු­ක­ම්පා­ස­හ­ගත සිති­විලි මතු කරයි.

කුම්භ
විදේශ ගම­නක් මඟ­හැ­රෙන ලකුණු

කලක් සූදා­න­ම්කොට තිබූ විදේශ ගම­නක් නොසිතූ විලස මඟ­හැ­රෙනු ඇත. තමාට විවිධ පාර්ශ්ව­ය­න්ගෙන් දොස් පරොස් අස­න්නට ලැබේ.

මීන
නව ආර්ථික ප්‍රති­ලා­භ­යක්

නව ආර්ථික ප්‍රති­ලාභ හිමිවේ. උසස් අයගේ ඇප උප­කාර හිමිවේ. විශේෂ පුද්ග­ල­ය­කුගේ පැමි­ණී­මක්, හමු­වී­මක් නිසා ඉදිරි බලා­පො­රොත්තු බොහො­ම­යක් මල්පල ගැන්වෙනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT