Home » උතුරු කැලිෆෝනියාව සෙලවෙයි

උතුරු කැලිෆෝනියාව සෙලවෙයි

by chanaka
December 6, 2024 10:58 am 0 comment

උතුරු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් මුහුදේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීම් කෙරුණද පැයකට පමණ පසුව එය ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

හතළිස් හත් ලක්ෂයක පමණ ජනකායක් සිටින උතුරු කැලිෆෝනියාවේ සහ දකුණු ඔරිගන් ප්‍රාන්ත දෙකෙහිම වෙරළ තීරයේ සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණි.

උතුරු කැලිෆෝනියාවේ බර්ක්ලි නගරය ඇතුළු ඇතැම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමටද බලධාරීන් විසින් දැනුම් දී ඇත.

අනතුරුව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් සුනාමි අවදානමක් නොමැති බවටයි.

භූමිකම්පාවෙන් ගොඩනැගිලිවලට හෝ යටිතල පහසුකම්වලට විනාශකාරී හානි සිදුව නොමැති අතර ඇතැම් නිවාසවලට සුළු අලාබ හානි සිදුව ඇති බව ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේය.

උතුරු කැලිෆෝනියා ප්‍රාන්තයේ 10,000 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි ද වාර්තාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT