Home » දළු නෙළමින් සිටි කතකට කඳුකර කොටියකුගේ ප්‍රහාරයක්

දළු නෙළමින් සිටි කතකට කඳුකර කොටියකුගේ ප්‍රහාරයක්

by chanaka
December 6, 2024 9:25 am 0 comment

තේ වත්තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවක් කඳුකර කොටියකුගේ පහර දීමෙන් තුවාල ලබා ඊයේ (05) බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළු කළ බව බගවන්තලාව පොලිසිය පැවසිය.

බගවන්තලාව, මෝරා වත්තේ වතු කම්කරුවන් පිරිසක් බෝපත්තලාව රක්ෂිතය ආසන්නයේ පිහිටි තේ වත්තේ තේ දළු නෙළමින් සිටියදි සුනඛයෙකු දඩයම් කිරිම සදහා පැමිණි කඳුකර කොටියකුගේ පහරදීමකට මෙම කාන්තාව ලක්ව ඇතැයි පැවැසේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබු කාන්තාවගේ සිරුර පුරා කොටියාගේ නිය පහරවල් තිබෙන නිසා ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරුකර යැවිමට නියමිත බව බගවන්තලාව රෝහලේ වෛද්‍යවරයකු පැවසීය.

 

ඡායාරූපය උපුටා ගැනීම – චමිත් සිරිවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT