රුපියල් මිලියන 75කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ එකසිය අසූ අටයි ග්‍රෑම් තුන්සිය පනහක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික වේළුසුමන ආයතනය විසින් යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ කළ මේ විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මුහුදු ප්‍රදේශයේ තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබේ.
එහිදී එම ඩිංගි යාත්‍රාවේ ගමන් මලු හතක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ එකසිය අසූ අටයි ග්‍රෑම් තුන්සිය පනහක තොගයක් සමඟ ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.මේ මෙහෙයුමෙන් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 75කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා කිලෝ එකසිය අසූ අටයි ග්‍රෑම් තුන්සීය පනහක තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.