Home » ශෛලමය ගෝපුරද්වාරස්තම්භය පූජා කිරීමේ මහෝත්සවය 7දා
කැලණිය රජමහා විහාරයේ ඉදිකළ

ශෛලමය ගෝපුරද්වාරස්තම්භය පූජා කිරීමේ මහෝත්සවය 7දා

by mahesh
December 6, 2024 1:00 am 0 comment

රන්මලි සෝමසිරි

ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද ශෛලමය ගෝපුරද්වාරස්තම්භය පූජා කිරීමේ මහෝත්සවය මේ මස 7 වැනිදා සවස 4.30ට කැලණිය රජ මහා විහාරයේ උඩ මළුවේදී සිදු කෙරේ. කැලණිය රජමහා විහාරාධිපති, කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි කැලණිය රජමහා විහාරස්ථානයේ ප්‍රධාන බස්නායක නිලමේ හා විහාරස්ථ සංවර්ධන සභාවේ සභාපති ධම්මික ආටිගල මහතා හා කැලණි රජමහා විහාරස්ථ දායක සභාවේ භාණ්ඩාගාරික දිවංගත පද්මසිරි හපන්ගම මහතා මේ ගෝපුරද්වාරස්තම්භය පූජාකර ඇත. කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT