65
ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද ශෛලමය ගෝපුරද්වාරස්තම්භය පූජා කිරීමේ මහෝත්සවය මේ මස 7 වැනිදා සවස 4.30ට කැලණිය රජ මහා විහාරයේ උඩ මළුවේදී සිදු කෙරේ. කැලණිය රජමහා විහාරාධිපති, කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි කැලණිය රජමහා විහාරස්ථානයේ ප්‍රධාන බස්නායක නිලමේ හා විහාරස්ථ සංවර්ධන සභාවේ සභාපති ධම්මික ආටිගල මහතා හා කැලණි රජමහා විහාරස්ථ දායක සභාවේ භාණ්ඩාගාරික දිවංගත පද්මසිරි හපන්ගම මහතා මේ ගෝපුරද්වාරස්තම්භය පූජාකර ඇත. කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වෙති.