Home » අන්තර්ජාතික ලෝක ළමා චිත්‍ර තරගයේදී පදක්කම් සහ කුසලාන දිනූ ලක් දූ දරුවෝ

අන්තර්ජාතික ලෝක ළමා චිත්‍ර තරගයේදී පදක්කම් සහ කුසලාන දිනූ ලක් දූ දරුවෝ

by mahesh
December 6, 2024 1:00 am 0 comment

ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජපානයේ අධ්‍යාපන, විද්‍යා තාක්ෂණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද අන්තර්ජාතික ලෝක ළමා චිත්‍ර තරගයේදී පදක්කම් සහ කුසලාන පිරිනැමීමේ උත්සවයක් ගාල්ල කොග්ගල සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් දා (01) උත්කර්ෂවත් ලෙසින් පැවැත්වුණි.

මෙම උත්සවයේ ප්‍රධානත්වය දරනු ලැබුවේ, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ගාමිණී වරුෂමාන, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුජීව අමරසේන, මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ, ගාල්ල රිච්මන්ඩ් විදුහලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති විශ්‍රාමික එස්. පොන්නම්පෙරුම, විශ්‍රාමික තැපැල් ස්ථානාධිපති අශෝක දලුවත්ත, ගාල්ල රුහුණු පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ රවි කලංසූරිය, කොමෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකරුවන් වන ටී. සංජීවන් සහ ගයාන් විජේසිංහ යන මහත්වරුන් විසිනි. ගාල්ල ළමා චිත්‍ර කලා කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පියසේන ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත මෙම සිසුන් චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කොට ජයග්‍රහණ හිමි කර ගෙන තිබූ අතර ජයග්‍රාහක සිසුන්ට පදක්කම් සහ කුසලාන පිරිනැමීමේ උත්සවය ද ඒ මහතා විසින් සංවිධානය කරනු ලැබ තිබිණි. මෙම අන්තර් ජාතික ලෝක ළමා චිත්‍ර තරගයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ සිසු දරු දැරියන් 95දෙනකු පදක්කම් සහ කුසලාන ලබාගැනීම මෙහිදී සිදුවිණි.

මෙහිදී ජපන් විදේශ අමාත්‍යවරයා පිරිනමන ලද විශේෂ රන් තිළිණයක් ද ශ්‍රී ලාංකේය දැරියකට හිමිවීම විශේෂත්වයකි. එම රන් තිළිණය ඇතුළු සුපිරි රන් පදක්කම් 4ක්, රන් පදක්කම් 25ක්, රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 39ක් ශ්‍රී ලාංකේය සිසු දරු දැරියන් අනූපස් දෙනාට හිමිවිය. මෙම චිත්‍ර තරගයට ලෝකයේ රටවල් 40ක වයස අවුරුදු 3ත් 15ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් හතළිස් දහසකට අධික පිරිසක් චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කර තිබූ බව සංවිධායක මණ්ඩලය සඳහන් කළේය.

ජපන් විදේශ අමාත්‍යවරයා විසින් පිරිනමනු ලැබූ විශේෂ රන් තිළිණය ඇහැළියගොඩ ප්‍රාථමික විදුහලේ D. සනුදි අශින්සා (06) දිනාගන්නා ලදී.

බත්තරමුල්ල සිප්ටාල් පෙර පාසලේ දෙවිනෙත් අසල්යා තුඹමුල්ල (04), ඇහැළියගොඩ ප්‍රාථමික විදුහලේ P. දිහේන් දෙවිසිත් (05), බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ A. ශවේන් තේමික අධිකාරි (06) යන සිසුහු සුපිරි රන් තිළිණ දිනාගත්හ.

රන් පදක්කම් දිනාගත් දූ දරුවෝ

මොරටුව වේල්ස් කුමර විදුහලේ L.H. තේජාන් දනිඳු (04). කෑගල්ල ලයිසියම් ජාත්‍යන්තර විදුහලේ L.R. ශාඛ්‍යා ෂැවෝන් ලිසන්සා (04) නුගේගොඩ අනුලා විද්‍යාලයේ ටයාලි සෙනෙවිරත්න (05) රත්නපුර තක්ෂිලා ප්‍රාථමික විදුහ‍ෙල් S.M. නුලාරා නෙතු සන්දි (06), කුලියාපිටිය සුරදූත බාලිකා විදුහලේ S.M. ගිත්නදි දිලස්නා (06), බත්තරමුල්ල ලංකා සභා ප්‍රාථමික විදුහලේ දෙවිමින් අදීශ තුඹමුල්ල (07), මිනුවන්ගොඩ ජනාධිපති විදුහලේ L. දිමෙත් දිනුදික පීරිස් (09), බත්තරමුල්ල විදුර විදුහලේ R.G. දිහාසා පහන්දි රාජපක්ෂ (11), පුත්තලම කොට්ටුකච්චිය විදුහලේ R.H.M. ස්නෙහා නිම්සරණි (12), රත්නපුර සුමන බාලිකා විදුහලේ G.P.L. මධුභාෂිණී නිසන්තා (14), මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ J.A. නිනාදි චමස්සරා (14), යටියන්තොට වැලිහෙලතැන්න කනිෂ්ඨ විදුහලේ K.G. උදිත චන්දිමාල් (14), මොනරාගල නිස්සංක ජාතික පාසලේ J.M. සරනි චාතුර්යා (14), බත්තරමුල්ල ලිට්ල් බර්ඩ් පෙර පාසලේ U. ඔකිත රිවිනුක (03) කෑ/ දැදිගම ප්‍රාථමික විදුහලේ G.G. කාවින්දි අප්සරා (05), කෑ/ ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ J.D.R. තිනායා සනුතකී (05), කොළඹ 10 ශාන්ත ජෝෂප් විද්‍යාලයේ N. සහන් සුරාජ් මෙලන් (07), පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ G.G. සෙනුමිතා පබසරා (08), ගා/ බෙන්තොට බෝධිමළුව කනිෂ්ඨ විද්‍යාලයේ G. චෙලිදු දිලේෂ් (09), හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ G.P. නොමින් ලක්වින් (10), කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ K. අචිර සසින්ත (12), කෑ/ දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ R.A. දුලක්ෂා ප්‍රභාෂණ (13), මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විදුහලේ H. රෙහෙනි යසාවි ග්‍රේරෝ (14), එම විදුහලේ W.P. සෙනුදි රෙෂානා (14), බළන්ගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විදුහලේ L.P.M. මෙතුලි චමිත්මා (15), ගා/ බෙන්තොට ගාමිණී ජාතික පාසලේ G.H. මුදිත දිලාන් චතුරංග (15)

රිදී පදක්කම් දිනාගත් දූ දරුවෝ

අංගොඩ හිඹුටාන, ලිට්ල් බර්ඩ්ස් පෙර පාසලේ යූ. ඔකිත රිවිනුක, මරදගහමුල පෙර පැසලේ P. බිනුල ලක්දෙව් (03), තඹුත්තේගම පෙර පාසලේ විභවි විශ්වධරණි (03), ඇහැළියගොඩ දේදුනු පෙර පාසලේ E.M. තෙනුක සවෙන්යා (04), කෑගල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විදුහලේ H.M.T. රිහාන් බණ්ඩාර (05), පාදුක්ක රාජසිංහ ප්‍රාථමික විදුහලේ W.G. සොනක්ෂි සසිත්මා (07), කොළඹ විශාඛා විදුහලේ M. යනුලි ඔනායා (07), රත්නපුර රාජකීය විදුහ‍ෙල් K.L.A. පියුමදා පහන්දි (07), පාදුක්ක සිරි පියරතන කනිටු විදුහ‍ෙල් G. මනුදි රූ සන්දි (08), ගාල්ල විද්‍යාලෝක විද්‍යාල‍ෙය් K.A. සුවිදු නිතිෂ් (08), අකුරැස්ස ගොඩපිටිය මහ විදුහ‍ෙල් K.A. නෙතුවි සන්සිලු (08), ගම්පහ තක්ෂිලා විදුහ‍ෙල් සහිරු රන්දිමා නාරන්ගොඩ (11), මහියංගණය මැදගම ද්වීතීයික පාසලේ S.W.P. දුලංග ජයසදනි පෙරේරා (12), ඇහැළියගොඩ තලාවිටිය සිරිසමන් විදුහලේ මොහොමඩ් නසාර් (12), කන්තලේ අග්‍රබෝධි විදුහලේ W.M. නෙතුමිලි වත්නාරා (12), මාතර පුහුල්වැල්ල ජාතික පාසලේ L.G. තුෂාන් දිනුජය (14), කුලියාපිටිය ශ්‍රී සාරානන්ද විදුහලේ R.P. අධිෂ තීක්ෂණ (14) ර/ කලවාන ප්‍රාථමික විදුහලේ පබාරා කිත්නුලි (07), ර/ ඇහැළියගොඩ ප්‍රාථමික විදුහලේ H.W. ජාවිත් චනුල (07), පත්තලගෙදර විද්‍යාෙලා්ක මහ විද්‍යාලයේ M. ඉඳුවර සස්මිත ඒකනායක (07), කොළඹ 07 මියුසියස් විද්‍යාලයේ B. අනුකි චිරන්දි බමුණුසිංහ (08), නිට්ටඹුව රන්පොකුණගම විදුහලේ H.A. චනුමි ලිතුම්සා (09), කෑ/ දැදිගම ප්‍රාථමික විදුහලේ A. ඉනුකි තියන්සා අතුකෝරල (09) කොළඹ ශාන්ත පාවුළු බාලිකා විදුහලේ R.G. තුමින්දි තිසාරා (14), ගා/ බෙන්තොට බෝධිමළුව කනිෂ්ඨ විදුහලේ බිසර හන්සක ගුණතිලක (14), පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ M.K.G. මලීසා නෙත්මිණි (14), කොළඹ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ M. මිනුකි මුතුමාලා (15)

ලෝකඩ තිළිණ ලබාගත් දූ දරුවෝ

කළුතර සන්ලක් බේබි පෙර පාසලේ H.A. ඔෂින් සදෙවි (04), මාතර සුජාතා විදුහලේ W.T. තීසුමි සහෙත්මා (05), කෑගල්ල වින්චෙස්ටර් ජාතික පාසලේ D.M. යෙනුලි මෙත්සදි ඒකනායක (05), ඇඹිලිපිටිය ජනාධිපති විදුහලේ B.G. සවුනි රිසිදිනී (05), ගම්පහ ශ්‍රී බෝධි විදුහලේ එච්.එම්. නෙතුමි සන්ලිත (07), මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විදුහලේ K. දිමන් මෙත්නිල් (07), මරඳගහමුල ක්ලේටන් ජාත්‍යන්තර පාසලේ සෙනන් සන්දිල් නෙත්මිණ (07), මත්තුමගල කරුණාරත්න බෞද්ධ විදුහලේ J. සොහාන් රන්දෙවි (07), කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විදුහලේ K. අකිත්මි ඉන්හාරා (7), හෙට්ටිපොළ ආදර්ශ ප්‍රාථමික විදුහලේ H.D. දෙනුවන් හත්සන (09), වාරියපොළ සංඝබෝධි විදුහලේ T.M. දුලනික නිරුක්ෂි (09), රාගම කරුණාරත්න බෞද්ධ විදුහලේ විදුෂ තරුෂාන් (9), කෑගල්ල ඇකිරියගල කනිටු විදුහලේ W.Y. ශාඛ්‍යා දිල්ශ්‍රි රන්දිනු (09), මාතර සුජාතා විදුහලේ P. විද්වනා දනාලි (9), ගාල්ල මවුන්ට් කැල්වරි ජාත්‍යන්තර පාසලේ W. දැහැමි මෝක්ෂා (09), කෑගල්ල බණ්ඩාරනායක ජාතික පාසලේ H.M. සාවිද්‍යා සිත්රන්සි, කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ G.R. සඳසි විශ්වනී (10) හලාවත ආනන්ද ජාතික පාසලේ H.D. සයුමි මෙත්සර (11), බළන්ගොඩ ඤන්ගහමංකඩ විදුහලේ T.D. තරුෂික තිසරංග (12), තෝලංගමුව ඩඩ්ලි සේනානායක මැදි විදුහලේ K. සලනි හිමාෂා (12), බළන්ගොඩ එගොඩ වලේබොඩ විදුහලේ P.K.O. අනුපම (12), ඇහැළියගොඩ ධර්මපාල විදුහලේ U.D. වින්සර තුල්ශාන් (12), යටියන්තොට වැලිහෙලතැන්න කනිටු විදුහලේ K.K. රිද්මි භාග්‍යා (12), නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ M. හමීෂ් ශාහිල් (12), පිළියන්දල ධර්මරාජ ජාතික පාසලේ H.A. ගයිදු කල්හාන් (12) යටියන්තොට වැලිහෙළතැන්න කනිටු විදුහලේ I.W. කවීෂා නෙත්සරණි (13), කොළඹ දේවි බාලිකා විදුහලේ K. විනුගි රදින්සා (13), සෙවණගල ජාතික පාසලේ A.P. ඔෂාධි මතීසා (15), රත්නපුර කරවිට මැදි විදුහලේ K.G. සස්මිතා නිලුපුල් (15), යටියන්තොට වැලිහේන්තැන්න කනිටු විදුහලේ W. සසිදු පැතුම් දිල්ෂාන් (15), යටියන්තොට වැලිහේන්තැන්න කනිටු විදුහලේ H.P. නෙතුෂා අනුහස් (15) සහ එම විදුහලේ N.G. කවීෂා ලක්ෂාන් කාවින්ද (15), ර/කොස්ගල විද්‍යාලයේ G.M. තෙවිරු රන්දෙස් (5), ර/ කලවාන ගාමිණී ප්‍රාථමික විදුහලේ G.A. ගයෙනුමි සසෙන්යා (08), කලවාන ප්‍රාථමික විදුහලේ N.A. එනුලි යෙලින්සා (8), කලවාන ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ M. ඔහාෂි භාග්‍යා (12), ත්‍රිකුණාමලයේ අග්‍රබෝධි විදුහලේ H.B. ගිම්හානි හන්සිකා (12), රත්නපුර ෆර්ගියුසන් විදුහලේ T.M. කාවින්‍යා ගිම්හානි (14), ර/කරවිට මධ්‍ය මහා විද්‍යාලයේ J. සුමික කුසල් මිත් (15).

මෙම ජයග්‍රහණවලට අමතරව ජපානයේ 31 වැනි E-NO-HIKAR ලෝක ළමා චිත්‍ර තරගයෙන් රන් තිළිණ ලබාගත් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ සවිදු නිතිෂ් (8) ජපානයේ 23 වැනි පාරිසරික ලෝක ළමා චිත්‍ර තරගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් පුත්තලම කොට්ටුකච්චිය ජාතික පාසලේ G. නිර්මාණී මලීසා (15), එම තරගයෙන් ගෞරව සම්මාන හිමිකරගත් ගම්පහ බණ්ඩාරනායක විදුහලේ G. ලකින්දු ප්‍රශාන් පෙරේරා (14), 2024 USA OWL FESTIVAL ලෝක ළමා චිත්‍ර තරගයෙන් ලෝකයේ රටවල් 54ක් අබිබවා වයස 01 – 05 කාණ්ඩයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් ර/ඇහැළියගොඩ ප්‍රාථමික විදුහලේ T.G. හොසිඳු නෙතඳුල් වයස 10 – 14 කණ්ඩයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ R.D. නිසිත් චන්මල් (14) ජයග්‍රහණ තිළිණ දිනා සිටිති.

 

දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT