Home » කටාර් රාජ්‍යයේ වසර 22ක් සේවය කළ අයෙක් සේවය කළ වාහනය තුළදීම මරුට

කටාර් රාජ්‍යයේ වසර 22ක් සේවය කළ අයෙක් සේවය කළ වාහනය තුළදීම මරුට

by mahesh
December 6, 2024 1:00 am 0 comment

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

කටාර් රාජ්‍යයේ රියැදුරෙක් ලෙස සේවය කළ පුත්තලමේ අයකු ඔහු සේවය කළ වාහනය තුළදීම මරණයට පත්ව ඇති බව පවුලේ ඥාතීන් ඊයේ (05) පැවසිය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම අංක 14 පටුමඟ වාන පාර පදිංචිව සිටි 48 හැවිරිදි පස් දරු පියකු වූ මොහොමඩ් අන්වර් මොහොමඩ් ෂීබ්ලි නමැති අයකු බව පවසයි.

ඔහු වසර 22 කට ආසන්න කාලයක් කටාර් දේශයේ රියැදුරෙකු ලෙස සේවය කර ඇති බවත් අවසන් වරට අල් පර්දාන් නගරයෙ හියරි නමැති ආයතනය යටතේ සේවය කරමින් ඇති බව පවුලේ උදවිය පවසයි.

අදාළ වාහනය හිමි ආයතනයෙන් මෙම රියැදුරුට දුරකතන ඇමතුමක් ලබාගෙන තිබුණ ද එයට සම්බන්ධ නොවීම ගැන එම ආයතනය අල් පර්දාන් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු අදාළ අය ධාවනය කළ ට්‍රක් රථය මාර්ගය අසල නවතා දමා ඒ තුළ සිටියදී පොලීසිය සොයාගෙන තිබුණි.

වාහනයේ ආරක්ෂක ආසන පටි පිටින්ම මෙම රියැදුරුව සොයා ගත් අල් පර්දාන් පොලිස් නිලධාරීන් විසින් ඔහුව රෝහල්ගත කර ඇති නමුත් ඒ වන විටත් මරණයට පත්ව සිට ඇති බවට රෝහල් බලධාරීන් සනාථ කර තිබේ.

මේ බව කටාර් තානාපති කාර්යාලය හරහා මෙරට ඥාතින්ට දැනුම් දීමෙන් පසු ඔහුගේ නීත්‍යනුකුල තොරතුරු පුත්තලම නාගරික හදිසි මරණ පරික්ෂක බදුර්දීන් හිෂාම් මහතා විසින් තානාපති කාර්යාලයට ලබාදීමෙන් පසු ඔහුගේ මරණය එරට දී සිදු කිරීමට නියමිතව ඇත.

පවුලේ ඥාතීන් පවසන්නේ මෙම අයගේ පියා හා වැඩිමල් සොහොයුරාද හදිසියේ මෙලෙසම අවාසනාවන්ත ලෙස දියවැඩියාවෙන් බැටකමින් සිටියදී මෙලෙසම මරණයට පත්ව ඇති බවයි. කටාර්වල සේවය කළ මොහොමඩ් අන්වර් මොහොමඩ් ෂිබ්ලි ද දරුණු ලෙස දියවැඩියාවට ගොදුරුව සිට ඇත.

කෙසේ වෙතත් මෙම මරණයත් සමඟ පවුලේ පිරිස් මහත් කම්පනයට පත්ව ඇත්තේ පියා හා දරුවන් දෙදෙනෙකු මෙලෙස අඩු වයස් සීමාවන්වලදී මරණයට පත්වීම දැරිය නොහැකි වේදනාවක් නිසාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT