උඩරට දුම්රිය මාර්ගයේ ඓතිහාසික දෙමෝදර අංක 42 දුම්රිය බිංගෙය තුළ තිබූ අබිරහස් ලෙස මියගිය තරුණයකුගේ මළ සිරුරක් ඊයේ (05) සොයාගත් බව ඇල්ල පොලීසිය පවසයි.
මෙම මළ සිරුර දෙමෝදර සවුදම් වත්තේ තේ කර්මාන්ත ශාලා කොටසේ පදිංචිව 28 හැවිරිදි සිටි ක්රිෂ්ණ කුමාර් නමැත්තාගේ බවට ඔහුගේ මව විසින් හඳුනා ගත් බව ද පොලීසිය පවසයි.
මොහු පෙරේදා (04) රාත්රී 8.00ට පමණ නිෙවසින් බැහැරව ගොස් ඇති බවත්, පසුව ඊයේ (05) උදෑසන දෙමෝදර දුම්රිය ස්ථානය අසල දුම්රිය බිංගෙය අසල වැටී තිබූ මොහුගේ මළ සිරුර දුම්රිය සේවකයකු විසින් දැක පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව සොයා ගත් බවත් පොලීසිය සඳහන් කළේය. බිංගෙය තුළ රාත්රී පාගමනින් ගමන් කරමින් සිටියදී මොහු එම අවස්ථාවේ ධාවනය වූ දුම්රියක ගැටී මෙසේ මියයන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
මොහුගේ සිරුරේ තැළීම් තුවාල තිබෙන බවත් පොලීසිය පවසයි.