67
අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ඊයේ (05) අලුයම මෙරටට පැමිණියේය.
ඩොනල්ඩ් ලූ මහතා සමඟ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරියෙක්ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. ඔවුන් ඊයේ (05) අලුයම 2.55ට දෝහා නුවර සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.