Thursday, May 8, 2025
Home » බෙංගාල බොක්ක යළි කැලඹෙන ලකුණු

බෙංගාල බොක්ක යළි කැලඹෙන ලකුණු

by mahesh
December 6, 2024 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

නැඟෙනහිර බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත් අසල කැලඹෙන ස්වභාවයක් දක්නට තිබෙන බවත්, එය අඩු පීඩන කලාපයක්, පීඩන අවපාතයක් හෝ සුළි කුණාටුවක් ලෙස වර්ධනය වන ආකාරය ඉදිරියේදී ප්‍රකාශ කළ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය. මේ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි අනාවැකි පිළිබඳ ජනතාව අවධානය යොමු කළ යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා දිනමිණ සමඟ පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා:

“මේ වන විට නිරිතදිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත් අසල කැලඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තිබෙනවා. මේ කැලඹිලි ස්වභාවය ඉදිරි දින කීපය තුළ වර්ධනය වන ලකුණු පහළ වෙලා තිබෙනවා. එය වර්ධනය වෙමින් උතුරු දිසාවට, වයඹට බරව ගමන් කරනවා. මේ තුළින් අපට ඍජු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. පසුගියදා ඇති වූ කුණාටුවට වඩා නැඟෙනහිර වෙරළට දුරින් මෙය ගමන් කරනවා. ඒ නිසා මෙහි වක්‍ර බලපෑම හේතු කොටගෙන සඳුදා (9) සවස් කාලයෙන් පසුව දිවයිනේ උතුරු, උතුරු-මැද, නැඟෙනහිර වැනි පළාත්වල කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි නිර්මාණය වීමේ හැකියාවක් පවතිනවා. අහස වලාකුළින් බරව තියෙන්න පුළුවන්. මේ තත්ත්වය තමා දැනට අපට විශ්ලේෂණවල පෙන්වන්නෙ. හැබැයි ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳ ජනතාව අවධානය යොමු කළ යුතුයි. ඉදිරියේදී අපට මෙය අඩු පීඩන කලාපයක්ද, පීඩන අවපාතයක් ලෙස හෝ සුළි කුණාටුවක් ලෙස වර්ධනය වන අකාරය ප්‍රකාශ කළ හැකියි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT