පන්නිපිටිය, පොල්වත්ත ප්‍රදේශයේ උපකාරක පන්තියක සිසුවියකගේ ප්‍රේම සම්බන්ධයක් මත තරුණයන් දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමක් දුර දිග ගොස් සිදු කළ පහර දීමෙන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවන් සිව්දෙනකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඊයේ (05දා) වසර දහයකට අත්හිටු වූ බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කළේය.
වසර 5කට පෙර පන්නිපිටියේ ප්‍රසිද්ධ උපකාරක පන්තියක සිසුන් දෙපිරිසක් මහරගම ප්‍රදේශයේ පන්සලක් අසලදී පොලු හා හෙල්මටයකින් පහර දීමෙන් ගනේගොඩගේ රුෂිත රුක්ෂාන් ජයසිංහ නමැති තරුණයාගේ මරණය සිදුව තිබේ.
අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරන ලදි.
පැමිණිල්ලේ පළමු සාක්ෂිය විමසීමෙන් පසු විත්තිය වරද පිළිගන්නා බවට අධිකරණයට දන්වන ලදි. ඒ අනුව විත්තිකරුවන්ගේ වයස සැලකිල්ලට ගෙන බෙත්මගේ ඉසුරු රන්දික පෙරේරා, හපුතන්ත්‍රිගේ දොන් තනිරු නිරෝද් ගුණසේකර, දොන් පසිඳු නිපුන් තලගල, දොන් වෙනුජ රවිශාන් අබේවික්‍රම ගුණරත්න යන චුදිතයන්ට යළි සමාජගත විය හැකි ආකාරයේ දඬුවමක් නියම කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළේය.
එම දඬුවමට අමතරව විත්තිකරුවන්ට රුපියල් 20,000 බැගින් දඩ ගෙවීමට ද නියම කළ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා, එකී පහර දීමෙන් මරණයට පත් පුද්ගලයාගේ පවුලේ සමීප ඥාතීන්ට රුපියල් ලක්ෂ පහ බැගින් වන්දියක් ගෙවන ලෙස නියම කළේය.
රජයේ අධිනීතිඥ ලිශාන් රත්නායක මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවිය.