Home » හෙරොයින් ප්‍රවාහන නඩුවට පොඩි ලැසීට ඇප 

හෙරොයින් ප්‍රවාහන නඩුවට පොඩි ලැසීට ඇප 

දැඩි රැකවල් මැද බූස්සට

by mahesh
December 6, 2024 1:00 am 0 comment

කල්පනි අබේසිංහ

මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය (හෙරොයින්) ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවට ජනිත් මධුසංක සිල්වා නොහොත් පොඩි ලැසීට ඇප නියම විය.

නඩු කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජනිත් මදුසංක සිල්වා නොහොත් පොඩි ලැසී අදාළ නඩුවට ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (5) නියෝග කළේය.

මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, අවි ආයුධ රැස් කිරීම, මානුෂීය ඝාතනයක් කිරීමට ආධාර අනුබල ලබාදීම සහ සැලසුම් කිරීම යන චෝදනාවන් යටතේ වන නඩු සඳහා ගාල්ල මහාධිකරණයේ ඔහුට එරෙහිව තවත් නඩු පවරා තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය. එමෙන්ම මෙම සැකකරුට එරෙහිව තවත් නඩු ගාල්ල මහාධිකරණයේ තිබෙන බැවින් බූස්ස බන්ධනාගාරයට රැගෙන යාමේදී විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරියේ අවධානය ඒ සඳහා යොමු කරන ලෙසට විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT