Home » අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත අනුවයි

අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත අනුවයි

සභානායක බිමල් රත්නායක

by mahesh
December 6, 2024 1:00 am 0 comment

ස්ථාවර නියෝග අත්හිටුවා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත අනුව බවත් මේ සම්බන්ධයෙන් වැරදි මතවාදයක් සමාජගත කිරීමට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු උත්සාහ දරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

සභානායක, ඇමැති බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මතු කරන ලද කරුණක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක, ඇමැති බිමල් රත්නායක මහතා

අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් පවා විමසීම් සිදුකළ බවත් ඊට අදාළ ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබියදීත් ඇතැම් මන්ත්‍රීරවරු උත්සාහ කරන්නේ වත්මන් පාර්ලිමේන්තුවත් පරණ පාර්ලිමේන්තු මෙන්ම කටයුතු කරන බවට සමාජ මතයක් ගොඩනැඟී තිබෙනවා.

විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සභාව නොමග යන ආකාරයෙන් කතා කළා. ඒ වගේම අපි ඇති වූ එකඟතාවයන් සම්බන්ධයෙන්ද යම් ගැටලුවක් ඇතිවන ආකාරයටයි එම අදහස් දැක්වීම් සිදු කළේ. මෙය පාර්ලිමේන්තුව නොමඟ යැවීමක්. අද උදේ වරුවේ එකඟව කරුණක් සම්බන්ධයෙන් නැවත පැටලි සහගත තත්ත්වයක් කාවින්ද ජයවර්ධන මහතා ඇති කළා. මෙය රටේ ජනතාවට සිදුකරන අසාධාරණයක්. ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ කිසිම වගන්තියක් උල්ලංඝණය වන ආකාරයට අපි කටයුතු කර නැහැ. ඕනෑම සාමාන්‍ය අවබෝධයක් තිබෙන කෙනකුට තේරෙනවා විසර්ජන පනතක් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළ හැකි බව පනතේ වගන්තිවල පවා ඒ බව සඳහන්.

ඒ වගේම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කරන ලද ලේඛනය හැන්සාඩ් ගත කළා. නීතිපතිවරයා සඳහන් කර තිබෙනවා, අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීමේ නීතිවිරෝධි බවක් නැහැ. එය ලංකාවේ නීතියට එකඟ බව සඳහන් කර තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT