Home » රටේ සංවර්ධන ක්‍රියාවලිය තුළ ආදායම් සෙවිය යුතු මාර්ගයක් තිබිය යුතුයි

රටේ සංවර්ධන ක්‍රියාවලිය තුළ ආදායම් සෙවිය යුතු මාර්ගයක් තිබිය යුතුයි

by mahesh
December 6, 2024 1:00 am 0 comment

රටේ සංවර්ධන ක්‍රියාවලිය තුළ ආදායම් සෙවිය යුතු මාර්ගයක් තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවසීය.

අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද පැවසුවේය.

ඡන්ද වේදිකාවේ මොනවා කතා කළත් රනිල් මහතා ගෙනා අයි.එම්.එෆ්. ගිවිසුම ඉදිරියට ගෙන යන බවට ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුව අනුර මහතා ප්‍රකාශ කිරීම ගැන අගය කළ යුතුයි. මහවැලිය, මහපොළ, දුරකතන, වරාය යනාදී ක්ෂේත්‍රවල එජාපය වැඩ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සෙල්ලම් නොකළ යුතුයි. නමුත් ඒ අය කියන හැමදේම කළ යුතුත් නැහැ. සියයට 15ක දළ දේශීය නිෂ්පාදන ආදායමක් අපට අවශ්‍ය වෙනවා. මූල්‍ය කළමනාකරණය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එය රනිල් මහතා ගෙනාවා. අගය කළ යුතු දේවල් අපි කවුරු කළත් අගය කළ යුතුයි. ආණ්ඩුව ලබා ගත්තා කියලා තාවකාලික තෘප්තියක් ඇති කර නොගත යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT