Home » අලුත් දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරන්න නොහැකිවී තිබෙනවා

අලුත් දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරන්න නොහැකිවී තිබෙනවා

by mahesh
December 6, 2024 1:00 am 0 comment

ජනතාව අපේක්ෂා කළ අලුත් දේශපාලන සංස්කෘතිය තවමත් ස්ථාපිත කිරීමට ජාතික ජන බලවේගයට හැකියාවක් ලැබී නැතැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවසීය.

අතුරු සම්මත ගිණුම පිළිබඳව වූ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද පැවසුවේය.

මේ ආණ්ඩුව යටතේ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති වෙයි කියලා අපි සතුටු වෙනවා. මැතිවරණ කාලය තුළ ජවිපෙ රට තුළ වෛරය ක්‍රෝධය ඇති කරන්න උත්සාහ කළා. ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරයි කියලා ජනතාව දැන් ඔවුන්ගෙන් අපේක්ෂා කරනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 2024 මුල් මාස හතර සඳහා වෙන්කර තිබූ මුදලට සමාන මුදලක් මේ ඉදිරිපත් කර තිබෙන අතුරු සම්මත ගිණුම මඟින් 2025 මුල් මාස හතර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ද වෙන්කර තිබෙනවා. රුපියල් ට්‍රිලියන 1.4ක් 2024 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන්කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අනුව රුපියල් ට්‍රිලියන 1.4ක් 2025 දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මාස 4කට ඒ වගේම රුපියල් ට්‍රිලියන 1.4ක් වෙන්කරලා තියෙනවා මේ අතුරු සම්මත ගිණුමේ. ඒ ගණනමයි වෙනසක් නැහැ. සිස්ටම් එකේ නෝ චෙන්ජ් අනුර චේන්ජ්. අපට පැහැදිලි කරන්න. ජනාධිපතිවරයා මූලාසන කතාවේදී කිවුවා IMF ගිවිසුම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ක්‍රියාත්මක කරනවා කියලා. ඒක හොඳයි. අපි සජබය කිවුවා IMF ගිවිසුමේ රාමුවට එකඟ වුණාට එහි අන්තර්ගත සමහර කරුණු වෙනස් කරනවා කියලා. හැබැයි අද ඔබතුමාලා අපිට වැඩිය නියෝ ලිබරල් වෙලා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT