Home » බේරුවල-පාදාගොඩ පාර හොඳටම අබලන්

බේරුවල-පාදාගොඩ පාර හොඳටම අබලන්

by mahesh
December 6, 2024 1:00 am 0 comment

මීගහතැන්න සමූහ

– කාපට් ගැලවී තැන තැන විශාල වළවල් හෑරිලා
– වළවල්හි වැටුණු යතුරුපැදිකරුවන් කිහිපදෙනකුටම තුවාල

බේරුවල, පාදාගොඩ හරහා දර්ගා නගරයට යන මාර්ගය වසර ගණනාවකින් කිසිදු අලුත්වැඩියාවක් සිදු නොකිරීම හේතුවෙන් එම මාර්ගයේ මේ වනවිට විශාල වළවල් හෑරී ඇති අතර, ප්‍රදේශයේ ජනතාව මහමඟ කෙසෙල් ගස් සිටුවා වගකිවයුත්තන්ට සිය විරෝධය පළ කර ඇති අයුරු දැකගත හැකි විය.

ප්‍රදේශවාසීන් පවසන්නේ, බේරුවල චීනකොටුව මැණික් ව්‍යාපාරික ස්ථානය සහ සංචාරකයන් රැසක් නවාතැන්ගෙන සිටින ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව දර්ගා නගරයට, බේරුවලට, පිංහේනට හෝ පාදාගොඩ ප්‍රදේශවලට ගමන් කරන්නේ මෙම මාර්ගය හරහා බවයි. ප්‍රදේශය නියෝජනය කරමින් පසුගිය කාලයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු ද මෙම ප්‍රදේශයේ ජනතාව පාර්ලිමේන්තුවට යැව්වද තම ගමට එන පාර හදා දෙන්නට ඔවුන් කටයුතු නොකළ බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

තැන තැන කාපට් ගැලවී විශාල වළවල් හෑරී ඇති අතර, ස්ථාන කිහිපයක තාවකාලිකව දැමු කාපට් ගැලවී මාර්ගයේ සෑදුණු අලි නාවන වළවල්වල වැටුණු යතුරුපැදිකරුවන් කිහිපදෙනකුටම පසුගිය දිනවල රෝහල් ගතවන්නට සිදුවූ බව මාර්ගයේ ගමන් ගන්නා ජනතාව කියති. බේරුවල, පිංහේන, දර්ගානගරය දක්වා වූ කිලෝමීටර හතක් දුර මෙම මාර්ගය තාවකාලිකව හෝ ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි පාදාගොඩ, පිංහේන ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

තැන තැන කාපට් ගැලවි විශාල වළවල් හෑරී ඇති අතර ස්ථාන කිහිපයක තාවකාලික දැමු කාපට් ගැලවි මාර්ගයේ ගමන් කරන යතුරුපැදිකරුවන් රෝහල් ගත කරන්නටද හේතු වූ බව අවට පදිංචි ජනතාව කියති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT