Home » හික්කඩුවේදී දියවැලකට හසු වූ රුසියන් යුවළ බේරා ගනී

හික්කඩුවේදී දියවැලකට හසු වූ රුසියන් යුවළ බේරා ගනී

by mahesh
December 6, 2024 1:00 am 0 comment

අම්බලන්ගොඩ සමූහ - ආර්.ඤාණදාස

හික්කඩුව, පන්නම්ගොඩ වෙරළ තීරයේ පොලිස් මුරපොළේ සිට මීටර් එකසිය පනහක පමණ දියඹ දෙසින් කිමිදුම් කටයුතුවල යෙදී සිටියදී දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටි රුසියානු ජාතික යුවළක් ඊයේ (4) සවස පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගනු ලැබිණ.

මෙසේ බේරා ගනු ලැබුවේ Gmisha නමැති රුසියන් ජාතිකයා සහ ඔහුගේ බිරිය වන Alina යන දෙදෙනාය.

මෙම යුවළ බේරා ගනු ලැබුවේ ගාල්ල කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සහ හික්කඩුව පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් අනුව පො.ප. හේවගේ, උ.පො.ප. සිරිමල්, පොලිස් කොස්තාපල්වරුන් වන චතුරංග (94884), බණ්ඩාර (27794), ඒකනායක (96793), ඩිලාන් (102715) සහ ජයසිංහ (105456) යන පිරිස විසිනි. මේ සඳහා වෙරළ ආරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ලැබී තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT