Home » පුවක් කඩන්න ඇවිත් වහපු ගෙදරකට සුද්දෙ දාලා

පුවක් කඩන්න ඇවිත් වහපු ගෙදරකට සුද්දෙ දාලා

by mahesh
December 6, 2024 1:00 am 0 comment

ඉංගිරිය මධ්‍යම සමූහ - ප්‍රියදර්ශනී කහවල

පුවක් කැඩීමට ගිය අතරවාරයේ වසා තිබූ නිවෙසක් දැක ඊට ඇතුළුව එතුළ තිබූ පෙට්ටගමක්, ව්‍යායාම් උපකරණ, පිත්තල භාණ්ඩ ඇතුළුව ලක්ෂ 5කට ආසන්න වටිනාකමැති භාණ්ඩ සොරාගත් සැකකරුවන් දෙදෙනකු හොරණ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ප්‍රදේශයේම පදිංචි අවුරුදු 30 සහ 37 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.

මොවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූවන් බව සිදුකළ විමර්ශනවලදී තහවුරුව ඇති අතර, එක් අයකු සිය ජීවිකාව වශයෙන් පුවක් කඩා විකිණීම සිදු කරන බවත්, එලෙස පුවක් කැඩීමට ගිය අවස්ථාවකදී මෙම වසා දමා තිබූ නිවෙස දැක තවත් අයකු ද සමඟින් පැමිණ මෙම සොරකම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය. හොරණ, ගල්කඩුව ප්‍රදේශයේ පිහිටි මෙම නිවෙස විශ්‍රාමික රාජ්‍ය සේවිකාවකට අයත් එකක් වන අතර, සොරාගන්නා ලද සියලු දේපළ ද සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක සී.එස්. පනාවල, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන්, උප පොලිස් පරීක්ෂක අබේසිරි, සැරයන්වරුන් වන (30787) නෙලුම් බණ්ඩාර, (35477) ලලිත්, (14934) ජනක, (41050) ගීකියනගේ හා කොස්තාපල්වරුන් වන (69128) ප්‍රභාත්, (78834) සමන්, (13022) ළහිරු, (96978) කුමාරසිරි, (104417 )රංගන යන නිලධාරීන් මෙහෙයුම දියත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT