රත්නපුර නව නගරයේ පිහිටි පළාත් ආයුර්වේද රෝහලේ ඔසු ගබඩාවක් ලෙස පැවති ගොඩනැඟිල්ලක නව වාට්ටුවක් ඉදිකර එය ජනතා අයිතියට පත් කිරීම පසුගිය දා සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම වාට්ටු සංකීර්ණය ඇඳන් 12 කින් සමන්විතය.
ඔසු ගබඩාව වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමෙන් පසුව නව වාට්ටුව සකස් කර තිබුණි.
සබරගමු පළාත් රාජ්‍ය ආයතනවළ ගොඩනැඟිලි මහජන සේවා සඳහා නිසි ලෙස පරිහරණයට යොදා ගන්නා ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය පළාත් ප්‍රධානින්ට දැනුම් දී තිබේ.
මෙම අවස්ථාවට පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඊ.කේ.ඒ.සුනීතා ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සුජීවා බෝධිමාන්න, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ශමේධානි මාතරහේවගේ, පළාත් අයුර්වේද කොමසාරිස් එස්මී ජයසිංහ, ප්‍රධාන ගණකාධිකාරි ජයන්ත අබේසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන කුසුම් කුමාරනායක, සහකාර අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන අනෝමා ආබ්‍රේව් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
රත්නපුර පළාත් ආයුර්වේද රෝහලේ
නව වාට්ටුව සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය විසින් විවෘත කළ අවස්ථාව