ආලේඛ්‍ය චිත්‍ර කලාවට උපන් හපන්කම් දක්වන බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ කුඩලිගම මහ විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ සිසුවියක් පසුගියදා පාසලෙන් විශ්‍රාම ලැබූ හා ස්ථාන මාරු ලැබගිය ගුරු මවු පියවරුන් පිරිසකගේ සේයා රූ සිය පැන්සල් තුඩින් සිතුවම් කර එම සිතුවම් ගුරුවරුන්ට ලබාදී උපහාර පිදුවාය.
කුඩලිගම මහ විදුහලේ උසස් පෙළ පන්තියේ කලා අංශයේ අධ්‍යාපනය ලබන ජී. දැහැමි මල්ෂා සිසුවිය මෙම ක්‍රියාකාරකම සිදු කරනු ලැබුවේ තම පාසලේ සිසු සිසුවියන් වෙනුවෙන් වසර ගණනක් අධ්‍යාපන කටයුතු සිදු කර විශ්‍රාම හා ස්ථාන මාරු ලැබ ගිය ගුරු මවුවරුන් හය දෙනෙකු වෙනුවෙනි.
ඒ පිළිබඳව අදහස් දැක්වූ විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිනි පුෂ්පා නන්දනී කෝට්ටගේ මහත්මිය පවසා සිටියේ, මේ දරුවා පැන්සල් චිත්‍ර කලාවට ඉතාම දක්ෂතාව දක්වන දරුවකු බවත් විද්‍යාලයේ විදුහල්පති ජනක කුමාර සන්දනායක මහතාගේ මඟපෙන්වීම මත චිත්‍ර විෂයය භාර ආචාර්ය පී.ඒ.එස්.එන්. බණ්ඩාර මහතාගේ මහත් කැපවීම නිසා දරුවා මේ තත්ත්වයට පත්ව ඇති බවයි. ඒ අනුව මේ දරුවා තමන් ඇතුළු සියලු දරුවන්ට ශිල්ප ලබාදී පාසලෙන් විශ්‍රාම හා ස්ථාන මාරු ලැබ ගිය ගුරුවරුන් වෙනුවෙන් දින ගණනක් මහන්සි වී මේ කළ උපහාරය පාසල වෙනුවෙන් ඉතා අගය කළ යුතු බව ද පැවසුවාය.