Home » නදිමාල් පෙරේරාට ප්‍රහාරයක්

නදිමාල් පෙරේරාට ප්‍රහාරයක්

by chanaka
December 7, 2024 4:00 pm 0 comment

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් වන ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දුන් බව කියන පුද්ගලයෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (06) රාත්‍රියේ පානදුර උතුර, ගොරකාන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සංගීත වැඩසටහනකට සහභාගී වී සිටිය දී ජනප්‍රිය ගායන ශිල්පී නදිමාල් පෙරේරා පහර කෑමට ලක්ව ඇති බව වාර්තා වේ.

පහර කෑමෙන් තුවාල ලැබූ ඔහු පානදුර මූලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටි.

පහර දුන් බව කියන මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකින් පවත්වනු ලැබූ සංගීත වැඩසටහනකට සහභාගි වූ ජනප්‍රිය ගායන ශිල්පී නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සවයකට සහභාගි වූ පුද්ගලයකු පහර දී ඇති බව වාර්තාවේ.

මේ අතර මෙම ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට ද අයථා බලපෑම් කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු ද පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පහරදීමට හේතුව කුමක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව පානදුර උතුර පොලිසිය සදහන් කරයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අද (07) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT