Home » කාර්තිව් පානිය ජල ගැටළුවට යුද්ධ හමුදාව මැදිහත් වෙයි

කාර්තිව් පානිය ජල ගැටළුවට යුද්ධ හමුදාව මැදිහත් වෙයි

by chanaka
December 7, 2024 4:27 pm 0 comment

පසුගියදා දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අම්පාර ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ඇති වි සාමාන්‍ය ජන ජිවිතයට බොහෝ බලපෑම් එල්ල විය.

ඇතිවු ගංවතුර තත්වය හේතුවෙන් අම්පාර ප්‍රදේශයේ සිට කාර්තිව් ප්‍රදේශයට ජලය බෙදාහරින ප්‍රධාන ජල සම්පාදන පද්ධතියට හානි සිදුවී ජල සැපයුම අකර්මණ්‍ය වී හදිසි ආපදා තත්ත්වයක් ඇති වී ඇත. එය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට ආසන්න වශයෙන් දින දෙකක් ගත වන බවට දැනුම් දී ඇත.

ජල හිඟයට මුහුණ දී සිටින කාර්තිව් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති හට උපදෙස් ලබා දි තිබේ.

ඒ අනුව 24 සේනාංකයට අයත් බවුසර් රථ දෙකක් යෙදා ගනිමින් 18 වන විජයබාහු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ප්‍රදේශයට අවශ්‍ය ජලය බෙදා හැරීමට කටයුතු කරන ලදී. එමගින් ප්‍රදේශයේ රෝහල් හා රාජ්‍ය ආයතන මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT