Thursday, May 15, 2025
Home » උත්සව සමයේ ආහාර පාන පරීක්ෂාව දිගටම

උත්සව සමයේ ආහාර පාන පරීක්ෂාව දිගටම

by chanaka
December 8, 2024 9:08 am 0 comment

උත්සව සමය නිමිත්තෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාර පාන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ක්ෂේත්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1750ක පමණ පිරිසක් මේ සඳහා අනියුක්ත කර ඇති බවයි.

උත්සව සමය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කරනු ලබන ආහාර සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය පිළිබදව ද මෙහිදී පරීක්ෂාවට ලක්කරන බව උපුල් රෝහණ මහතා සදහන් කළේය.

දෙසැම්බර් මස පළමු වන දින සිට මේ දක්වා කාලය තුළ දිවයින පුරා වැටලීම් 150කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT