Home » ගුවන් හමුදා හෙළිකොප්ටර් බලඝණයේ 108ක් මධ්‍යම අප්‍රිකාවට

ගුවන් හමුදා හෙළිකොප්ටර් බලඝණයේ 108ක් මධ්‍යම අප්‍රිකාවට

by chanaka
December 8, 2024 8:59 pm 0 comment

මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සදහා යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සාමාජිකයින් 108 දෙනෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මධ්‍යම අප‍්‍රිකානු ජනරජය බලා පිටත්ව ගියේය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වර්ෂයේ සිට මේ දක්වා සාම සාධක හමුදා මෙහෙයුම් සදහා සක‍්‍රිය දායකත්ව ලබා දෙයි.

සාම සාධක රාජකාරීන් සදහා අනියුක්ත කරනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ භට පිරිස් විසින් එරට භට පිරිස් ප‍්‍රවාහනය, ප‍්‍රභූ ප‍්‍රවාහනය, ආහාරපාන/භාණ්ඩ ප‍්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම, වෛද්‍ය කණ්ඩායම් ප‍්‍රවාහන කටයුතු ඇතුළු සුවිශේෂි කාර්යන් රැසකට සක‍්‍රීය දායකත්වය ලබාදිම සිදුකරනු ලබයි.

මේ අතර මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය විසින් ගුවන් පැය 1219 ක් පමණ රාඡකාරී සදහා භාවිතා කරමින් ඉතා සාර්ථකව සේවය අවසන් කල ගුවන් හමුදා සේවා පුද්ගලයින් 92 දෙනෙකු ද මධ්‍යම අප‍්‍රිකාවේ සිට නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණිම ද මෙහිදි සිදු වු අතර මධ්‍යම අප‍්‍රිකානු ජනරජය බලා පිටත්ව ගිය සහ දිවයිනට පැමිණි ගුවන් හමුදා සමාජිකයින් හට සුභ පැතීමට මෙන්ම පිළිගැනීම සදහා ගුවන් හමුදා නිළධාරින් ඇතුළු සෙසු නිළයන් පිරිසක් සහ ගුවන් හමුදා සමාජිකයින්ගේ පවුල්වල සාමාජික සාමජිකාවන් පිරිසක් ද ගුවන් තොටුපල පිටවීමේ සහ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT