Home » මවට සහ දුවට එකවර මව් පදවිය

මවට සහ දුවට එකවර මව් පදවිය

by chanaka
December 8, 2024 9:06 pm 0 comment

ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ පවුලේ ලාරා සහ ඩෝරා සිංහ ධේනුවෝ පසුගියදා මව්පදවිය ලැබුවෝය.

වයස අවුරුදු 10ක් පමණ වන ලාරා පැටවුන් තිදෙනකු බිහිකළ අතර ලාරාගේ දියණිය වන අවුරුදු 04ක් වයසැති ඩෝරා සිංහ ධේනුවද සිංහ පැටවුන් තිදෙනකු බිහිකළාය.ඩෝරා බිහිකළ සිංහ පැටවුන් තිදෙනාම ගැහැණු පැටවුන්ය.

රිදියගම සෆාරි උද්‍යානයේම උපන් ඩෝරා සිංහධේනුව පසුගිය කාලයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූයේ ඩෝරාව බිහිකළ මව වන ලාරා සිංහ ධේනුව විසින් ඇයට මව් කිරී ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසාවෙනි.

එහිදී ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ට හා සත්ව භාරකරුවන්ට ඩෝරාගේජීවිතය බේරා ගන්නට දැඩි සටනක් කිරීමට සිදුවුයේය. ඔවුන්ගේ රැකවරණය සහ සත්කාර යටතේ හැදි වැඩුණු ඩෝරා පළමු වරට බිහිකළ මේ සිංහ පැටවුන් තිදෙනාට නම් ඇය මව්කිරී ලබාදීම ප්‍රතික්ෂේප කර නැත.

මේ වන විට රිදියගම සෆාරි උද්‍යානයේ සිංහයන් 18 දෙනෙකු සිටින අතර අලුත උපන් පැටවුන් 06 දෙනාම ඉතාමත් නීරෝගිමත්ව පැටවුන් වේ. ලබන මාසයේදී පමණ මෙම සිංහ පැටවුන් නැරඹීමට අවස්ථාව මහජනතාවට හිමිවන බව රිදියගම සෆාරි උද්‍යානයේ පාලකයන් සඳහන් කරයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT