ලබන වසරේ විදෙස් සංචාරකයින් ලක්ෂ 40 ක් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි.
බෙන්තර සංචාරක හෝටල්හිමියන්ගේ සංගමය සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවසීය.
දිවයිනට සංචාරකයින්ගේ පැමිණීම දැනටමත් වේගවත් වී ඇති අතර ලබන වසරේ දී විදෙස් සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 8500ක පමණ ආදායමක් උපයා ගැනීමටත් අපේක‍්ෂා කෙරේ. එයට අවශ්‍ය සහය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඔස්සේ දියත් කිරීමට නියමිතය.
සංචාරක සේවයේ නිරත පුද්ගලයන්ගේ ගැටලු හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය විසඳුම් ලබාදීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා කියා සිටියේය.
රටට ගෞරවයක් අත්වන අකාරයෙන් සංචාරක සේවයේ නිරතවන කණ්ඩායම් කටයුතු කළ යුතු බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සදහන් කළේය.