Home » දකුණු කොරියානු ජනපති දෝෂාභියෝගයෙන් නූලෙන් බේරෙයි

දකුණු කොරියානු ජනපති දෝෂාභියෝගයෙන් නූලෙන් බේරෙයි

by sachintha
December 9, 2024 1:55 am 0 comment

උතුරු කොරියානු බලවේග සහ අභ්‍යන්තර රාජ්‍ය විරෝධීන් මැඬ පැවැත්වීමට බව කියමින් දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් පසුගියදා ප්‍රකාශයට පත් කළ යුද නීතිය එරට පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් අවහිර කිරීමෙන් පසු ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව සියුම් අයුරින් පරාජය කිරීමට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දෝෂාභියෝගයකින් ජනාධිපතිවරයා පරාජය කිරීමට පාර්ලිමේන්තුවේ ඡන්ද 200ක් අවශ්‍ය වූ අතර, ඔහුගේ පාලක පක්ෂය වන මහජන බලය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 8ක් ද ඊට ඇතුළත් විය යුතුව තිබු බව වාර්තා වේ. කෙසේ වුවත් පාලක පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද විමසීමේ අවස්ථාවේදී සභා ගර්භයෙන් පිටවූ බවත්, එක් මන්ත්‍රීවරයකු පමණක් ජනාධිපතිවරයාට පක්ෂය ඡන්දය ප්‍රකාශ කළ බවත් වාර්තා වේ.

යුද නීතිය බලාත්මක කිරීම සම්බන්ධව පසුගියදා ජනාධිපතිවරයා ජාතියෙන් සමාව අයැද සිටීම සැලකිල්ලට ගෙන ඔහුට පක්ෂය ඡන්දය දීමට තීරණය කළ බව එම ඡන්දය ප්‍රකාශ කළ චෝ ක්යුං ටයි නමැති මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT