Thursday, May 8, 2025
Home » පලාලි ආරක්ෂක කලාපය තුළ පැවැති රාජේෂ්වරි අම්මාන් කෝවිලට නව පිවිසුම් මාර්ගයක්

පලාලි ආරක්ෂක කලාපය තුළ පැවැති රාජේෂ්වරි අම්මාන් කෝවිලට නව පිවිසුම් මාර්ගයක්

by sachintha
December 9, 2024 1:13 am 0 comment

වසර ගණනක් පලාලි ආරක්ෂක කලාපයේ පැවති රාජෙෂ්වරි අම්මාන් කෝවිල වැඳපුදා ගැනීමට පිවිසීම සඳහා යාපනය ප්‍රදේශයේ බැතිමතුන්ට විශේෂ මාර්ගයක් එම කෝවිල වෙත සකස්කරදීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය කටයුතු කර ඇත.

ඒ අනුව එහි පළමු පූජාව පසුගිය 06 වැනිදා උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගම් හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මීට පෙර මෙම කෝවිල සඳහා පිවිසුම් මාර්ගය පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේ පිවිසුම් මර්ගයෙන් පිහිටා තිබිණි. එහිදී බැතිමතුන්ගේ ගමනා ගමනයේ දී අපහසුතාවන්ට මෙන්ම ගැටලු රැසකට බැතිමතුන්ට මුහුණ පෑමට සිදුව තිබුණි. එම ගැටලු වලින් බැතිමතුන් මුදා ගැනීමේ අරමුණින් මෙම කෝවිල සඳහා විකල්ප මාර්ගයක් සකසාදීමට ආරක්ෂක සේනා මූලස්‍ථාන නිලධාරීන් ඒ අනුව කටයුතු කළේය.

මෙම අවස්ථාවට එම ප්‍රදේශයේ බැතුමතුන් රැසක් සහභාගී වූ අතර මෙවැනි අවස්තාවක් සලසාදීම පිළිබඳව බැතිමතුන් රජයට සහ ආරක්ෂක හමුදාවට ප්‍රසාදය පළකර සිටිති.

කැබැතිගොල්ලෑව සමූහ එස්.ජී. උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT