Home » විදේශීය නිෂ්පාදිත දුම්වැටි සමඟ කතුන් දෙදෙනෙක් දැලේ

විදේශීය නිෂ්පාදිත දුම්වැටි සමඟ කතුන් දෙදෙනෙක් දැලේ

by sachintha
December 9, 2024 1:13 am 0 comment

රුපියල් හැත්තෑ ලක්ෂ අසූ දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු පෙරේදා (07) දහවල් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙයින් එක් අයෙකු පිටිගල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක වන අතර අනෙක් තැනැත්තිය මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවකි. මොවුන් දෙදෙනාම ඩුබායිහි ගෘහ සේවිකාවන් ලෙස සේවය කර මෙරටට පැමිණෙමින් සිටි දෙදෙනෙකි. මොවුන් දෙදෙනා පෙරේදා (07) දහවල් 11.05ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ F Z – 1025 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි. ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ Ò මැන්චෙස්ටර් Ò වර්ගයේ දුම්වැටි 47,200ක් අඩංගු දුම්වැටි කාටූන් 236ක් සඟවා ගෙන සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව මොවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, එළඹෙන 11 වැනිදා නීතිවිරෝධී සිගරැට් අපනයනය කිරීම, ජාවාරම් කිරීම සහ සන්තකයෙහි තබා ගැනීම යන චෝදනා යටතේ මොවුන් දෙදෙනා සහ ඔවුන් රැගෙන ආ දුම්වැටි තොගය සමඟ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කටුනායක – ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT