වයස අවුරුදු 12ට අඩු දරුවන් වෙළෙඳ දැන්වීම්වලට යොදා ගැනීම ජනවාරි 01 වැනිදා සිට තහනම් කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හසංක විජේමුණි මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා වූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය. පැවැති රජයන් විසින් මෙය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරමින් සිටි බවත් එය තවත් ප්‍රමාද කිරීමට වත්මන් රජය කටයුතු නොකරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය. නියෝජ්‍ය ඇමැති හංසක විජයමුණි මහතා මේ බව සඳහන් කළේ 2025 වසරේ මුල් කාර්තුව සඳහා රජයේ වියදම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්කළ අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැති හංසක විජේමුණි මහතා මෙසේද පැවැසීය. “විශේෂයෙන් අවුරුදු 12ට අඩු ළමයින් වෙළෙඳ ප්‍රචාරය සඳහා යොදා ගැනීම අපි ජනවාරි 01 වැනිදා සිට නවත්වනවා. ඒ සඳහා වූ ගැසට් පත්‍රය බලාත්මක කිරීමට සියලු කටයුතු අපි යොදලා ඉවරයි. මොකද පසුගිය රජයන් තුළින් අවුරුදු 7-8ක් තිස්සේ ඕක පස්සට දැම්මා. අපි ගිය සතියේ තීරණයක් ගත්තා අපි ඒක පස්සට දාන්නේ නෑ අපි ජනවාරි 01 වැනිදා ඉඳලා මෙය බලාත්මක කරනවා කියන කාරණය.”
ස්වර්ණා විජේකෝන්,
සන්ධ්‍යා කරුණාරත්න