39
බීඩි එතීම සඳහා භාවිත කරනු ලබන තෙන්දු කොළ කිලෝ 378ක් නීති විරෝධී අන්දමින් වැලිවේරිය, හේනේගම ප්‍රදේශයේ ගබඩාවක තිබියදී සිය භාරයට ගනු ලැබූ බව ගම්පහ සුරාබදු ස්ථානය පවසයි.
බීඩි කොළ තොගයෙහි වටිනාකම රුපියල් ලක්ෂ 34ක් පමණ වන අතර අත්අඩංගුවට ගනු ලැබූ තැනැත්තා වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි.
සැකකරු සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ජයවීර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ පහක මුදලක් දඩ වශයෙන් නියම කළ බවත් සුරාබදු ස්ථානය පවසයි.
ගම්පහ අතිරේක