“නීරෝගිමත් දිවියකට මඟ” ප්‍රදර්ශනය හා දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කල්එළිය සුභසාධන සංගමය හා මීරිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව කල් එළිය අලිගාර් විද්‍යාලයීය භූමියේදී පවත්වනු ලැබීය.
කල්එළිය සුභසාධක සංගමය මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ දෙවන වරටය.
මීරිගම සහකාර ප්‍රාදේශීය ලේකම් ලහිරු තරංග විජේවික්‍රම මහතා ඇතුළු ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය හා දැනුම්වත් කිරීමේ වැඩසටහන ආරම්භ කෙරිණි.
මෙම වැඩසටහන සඳහා ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මීරිගම රෝහලේ අක්ෂි වෛද්‍ය අංශය, බෝනොවන රෝග ඒකකය, ගම්පහ දිස්ත්‍රික් ළය චිකිත්සාගාරය, ගම්පහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකය, මීරිගම ආයුර්වේද ප්‍රජා සෞඛය වෛද්‍ය ඒකකය, පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය, නාරාහේන්පිට ජලභීතිකා මර්දන ඒකකය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මීරිගම ආයුර්වේද සංරක්ෂණ සභාව, රතු කුරුස සංවිධානය මෙම අවස්ථාව නියෝජනය කළේය. මෙම වැඩසටහන අතරතුර නොමිලේ සෞඛ්‍ය උපදෙස් මෙන්ම වෛද්‍ය පරීක්ෂණද සිදුකරගැනීමට හැකියාව සලසා දී තිබිණි.
පාසල් සිසුන් ඇතුළු ජනතාවට මෙම ප්‍රදර්ශනයෙන් මහත් සේවාවක් සිදුවූ බව ඊට එක් වූවන් සඳහන් කළහ.
කොටදෙණියාව සමූහ එම්. පුෂ්පකුමාර