Home » ශ්‍රී ලංකා-බංග්ලාදේශ 17න් පහළ තුන්දින තරගාවලිය ජය පරාජ නෑ

ශ්‍රී ලංකා-බංග්ලාදේශ 17න් පහළ තුන්දින තරගාවලිය ජය පරාජ නෑ

by sachintha
December 9, 2024 1:03 am 0 comment

 

සංචාරක ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි තුන්දින ක්‍රිකට් තරගය ඊයේ ජය පරාජයෙන් තොරව නිමා විය.

මේ සමඟ තරග 2කින් සමන්විත තුන්දින තරගාවලිය ද විසඳුමකින් තොරව අවසන් විය.

දෙවැනි තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 304ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ලකුණු 328ක් රැස් කළේය. ලකුණු 24ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 110ක් රැස් කර තිබිණි.

නායක කිත්ම විදානපතිරණ ලකුණු 32ක් සහ රෙහාන් පීරිස් ලකුණු 25ක් ඉනිමට එක් කළහ.

බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් අද්‍රිටෝ ගෝෂ් (87) සහ රිඩෝයි හොසේන් (55) අර්ධ ශතක වාර්තා කළ අතර, පන්දු යැවීමේදී රසිත නිම්සර කඩුලු 4ක් සහ කිත්ම විදානපතිරණ කඩුලු 3ක් දවා ගත්හ. මේ තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී කැපී පෙනෙන පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරු රෙහාන් පීරිස් ලකුණු 139ක් රැස් කිරීමට සමත් විය. හතරේ පහර 18කින් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණවත් කරගත් ඔහු පන්දු 251කට මුහුණ දුන් අතර, අර්ධ ශතක සබඳතා 3ක් පිහිටුවීමට ද ඔහුට හැකි විය. නවෝද්‍ය සමරසිංහ (48) සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 90ක්, තෙවැනි කඩුල්ලට සෙනුජ වෙකුණගොඩ (30) සමඟ ලකුණු 51ක් සහ ජොෂුවා සෙබස්තියන් (17) සමඟ පස්වැනි කඩුල්ලට ලකුණු 52ක් එක් කරමින් රෙහාන් ඉනිම ගොඩනැඟීය.

ශ්‍රී ලංකා 17න් පහළ පළමු ඉනිම – 304 (ඕවර 84.5) රෙහාන් පීරිස් 139, නවෝද්‍ය සමරසිංහ 48, සෙනුජ වෙකුණගොඩ 30, කිත්ම විදානපතිරණ 28 (අබ්දූර් රහීම් 53/5, අහසනුල් හක් 47/3)​லைபසහ දෙවැනි ඉනිම – 110/5 (ඕවර 35.2)

බංග්ලාදේශ 17න් පහළ පළමු ඉනිම – 328 (ඕවර 96) අද්‍රිටෝ ගෝෂ් 87, රිඩෝයි හොසේන් 55, රකිබුල් හොසේන් 46 (රසිත නිම්සර 64/4, කිත්ම විදානපතිරණ 51/3)

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT