Home » ශ්‍රී ලාංකික නිලධාරීන් දෙදෙනෙක්ට අමෙරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලාංකික නිලධාරීන් දෙදෙනෙක්ට අමෙරිකාවෙන් සම්බාධක

by chanaka
December 10, 2024 8:41 am 0 comment

දූෂණයන්ට සම්බන්ධ හිටපු ශ්‍රී ලාංකික නිලධාරීන් දෙදෙනෙකුට එක්සත් ජනපදය සම්බාධක සහ වීසා සීමා පනවා ඇත.

ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට එයාර් බස් ගුවන් යානා මිලට ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී තිබේ.

එසේම රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවට චෝදනා එල්ල වී ඇත.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, 7031(c) වගන්තිය යටතේ පුද්ගලයන් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් යන කොටස් දෙකම ප්‍රසිද්ධියේ නම් කර ඇති අතර, ඔවුන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර තිබේ.

මීට අදාළ එක්සත් ජනපද වාර්තාවේ මෙසේ සඳහන් වේ.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන

7031(ඇ) වගන්තියට අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුව කපිල චන්ද්‍රසේන සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ නම් කරයි. චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකාව එයාර්බස් ගුවන් යානා වෙළෙඳපොළ වටිනාකමට වඩා මිල දී ගැනීම සහතික කිරීම සඳහා අල්ලසක් ලබාගත්තේය. මෙම ක්‍රියාවෙහි කොටසක් ලෙස, ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන් ද නම් කරනු ලැබේ.

උදයංග වීරතුංග, රුසියාවේ හිටපු තානාපති

7031(ඇ) වගන්තියට අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුව උදයංග වීරතුංග සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ නම්කරයි. වීරතුංග ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධ දූෂිත යෝජනා ක්‍රමයකින් පෞද්ගලිකව ප්‍රතිලාභ ලබාගත්තේය. මෙම ක්‍රියාවෙහි කොටසක් ලෙස, ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන් ද නම්කරනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT