Sunday, May 11, 2025
Home » දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ඇති හොඳම ක්‍රමය රාජ්‍ය සේවය online කිරීම

දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ඇති හොඳම ක්‍රමය රාජ්‍ය සේවය online කිරීම

by yasara
December 10, 2024 3:03 pm 0 comment

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති  Khaled Nasser AlAmeri මහතා කථානායක (ආචාර්ය) අසෝක රන්වල මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.

මෙහිදී තානාපතිවරයා සඳහන් කළේ 2025 පෙබරවාරි මස පැවැත්වීමට නියමිත ලෝක රාජ්‍ය සමුළුව (WGS) ඇමතීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් මෙරට ජනාධිපති  අනුර දිසානායක මහතාට ආරාධනා කිරීමට නියමිත බවයි.

එසේම 2024 වසරේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙම සමුළුව ඇමතූ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

තවද දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ඇති හොඳම ක්‍රමය රාජ්‍ය සේවය මෙහෙයවීම මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ සිදු කිරීම බව මෙහිදි සඳහන් වූ අතර මේ සම්බන්ධයෙන් අවශ්‍යවන විශේෂඥ දැනුම බෙදාගැනීමට තම රාජ්‍ය කැමැත්තෙන් සිටින බවද තනාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම විනිවිදභාවයෙන් යුතු ආකර්ෂණීය ආයෝජන ක්‍රවේදයන් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණි.

එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෘත්තීයමය දක්ෂතාවයෙන් යුතු සාමකාමී පිරිසක් ලෙස අගයකරන බවද තානාපති Khaled Nasser AlAmeri මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම තාක්ෂණික සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඇති විය හැකි ප්‍රගතිය පිළිබඳව ද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවති අතර ආයෝජන පුළුල් කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

මීට අමතරව දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා – එක්සත් අරාබි එමීර් රාජ්‍ය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි පණ ගැන්වීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT